ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැඩි පසුබෑමකට පත්ව ඇති බව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා පවසයි. ඒ ඊයේ පැවත...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැඩි පසුබෑමකට පත්ව ඇති බව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා පවසයි.
ඒ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
"ඒ සඳහා පළාත් සභා පනත පසුගිය පෙබරවාරි මාසයේ පාර්ලිමේන්තු ඉදිරිපත් කරලා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන අපේ විරෝධතාවය නොසලකා එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ආණ්ඩුවට සම්බන්ධ වෙච්ච කණ්ඩායම් සහ ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, මුස්ලිම් කොංග්‍රසය, මනෝ ගනේෂන්, තොන්ඩමන්, බදුර්දීන්, චම්පික රණවක මේ සියලු දෙනා නායකත්වය දෙන පක්ෂවල සහභාගිත්වය ඇතිව සහයෝගය ඇතුව පනත සම්මත කළා. පනත සම්මත කළත් සීමා නිර්ණය කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුව පසු ඉදිරිපත් කරන බව පොරොන්දු වුණා. න්‍යාය පත්‍රයේ තිබිලා ඒක නැවත සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ඉල්ලා අස්කරගෙන ඉන් අනතුරුව ගිය සතියේ පාර්ලිමේන්තුව සිකුරාදා 24 වැනිදා නැවත ඒ පනත ඉදිරිපත් කරනු ලැබුවා. ලෝක පාර්ලිමේන්තු ඉතිහාසය තුළ ලංකා පාර්ලිමේන්තුවේ ඉතිහාසය තුළ කිසිම දවසක නොවිච්ච අසිරිමත් සිදුවීමක් ප්‍රජාතන්ත්‍රවාදය රකින බලයට පත්වෙච්ච යහපාලන ආණ්ඩුව එදා දවසේ කරනු ලැබුවා. පනත ඉදිරිපත් කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරයා පනතට විරුද්ධව ඡන්දෙ දෙනවා. මේ පනත ඉදිරිපත් කළේ ආණ්ඩුවෙන්. ආණ්ඩුවේ අගමැතිවරයා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරු පනත විරුද්ධව ඡන්දෙ දෙනවා. පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහෝදර ඇමතිවරුන්, රාජ්‍ය ඇමතිවරුන්, නියෝජ්‍ය ඇමතිවරුන් පාර්ලිමේන්තුවෙන් පිටවෙලා යනවා. මේ තත්ත්වය අපි ඉතා පැහැදිලිව කිව්වා පනත ඉදිරිපත් කරන වෙලාවේම පෙබරවාරි මාසේ අපි කිව්වා මේක ඉතාම අසාධාරණ අයුක්තිසහගත අංගවිකල දරුවෙක්. මේ තුළින් සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති වෙන්නේ නෑ. මේ පනත විරුද්ධයි කියලා. එහෙම කියද්දිත් කතානායක කරු ජයසූරිය මහතාට 5ට ඡන්ද විමසන්න ඕනේ එක රෑ 8.30 පාර්ලිමේන්තුව දිග්ගස්සලා, කථිකයෝ නැතුව පාර්ලිමේන්තුව පැය දෙකක් වහලා තියලා, නැවත තුනෙන් දෙකේ ඡන්දයක් අරගෙන පාර්ලිමේන්තුව තුළ පළාත් සභා පනත සම්මත කළේ. හැබැයි එදා අපි පාර්ලිමේන්තුවේදී කිව්වා මේ පළාත් සභා පනත මේක රටට ගැලපෙන්නේ නැහැ. මෙය වහාම පරාජය කළ යුතුයි කියලා. එහෙම කියන කොට අපිට හිනා වෙච්ච උදවිය පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවේදී මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ අපි ඉදිරිපත් කරපු මතය හරි කියලා පිලි අරගෙන රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උදවියත්, ද්‍රවිඩ ජාතික සන්ධානයත්, පනත පරද්දන්න ජන්දය දුන්නා."
"ඒකාබද්ධ විපක්ෂය ලෙස මහින්ද රාජපක්ෂ මැතිතුමා නායකත්ව යටතේ අපි ලබපු සුවිශේෂී ජයග්‍රහණයක් මේක. පනතක් ඉදිරිපත් කරලා ඒ පනත පරාජය වුනොත් ඇමතිවරයා ඉල්ලා අස්විය යුතුයි. ආණ්ඩු පක්ෂ කණ්ඩායම් නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා අස් විය යුතුයි. මේ පනත පරාජය වීම නිසා ඒක අවනම්බුවෙන් ගැලවෙන්න. ලැජ්ජාවක් නැති නිසා ආණ්ඩුවෙන් ඉල්ලා අස්වන සූදානම් නෑ. ඒවගේම අපිට මේ පනත් පරාජය තුළ පෙනී යන්නේ ආණ්ඩුව තුළ බල අරගල උත්සන්න වෙලා තියෙනවා, මෛත්‍රීපාල සිරිසේන පමහතාගේ කණ්ඩායම ඉදිරිපත් කළ පනත රනිල් වික්‍රමසිංහ මහතාගේ එක්සත් ජාතික පක්ෂය විසින් පරාජය කරනු ලැබුවා. මේක පැහැදිලිවම ජනාධිපති ප්‍රමුඛ ශ්‍රීලනිපයේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන කණ්ඩායමේ බරපතල පසු බැසීමක්. ඒ නිසා පනත පරාජය වීම දැන් මැතිවරණ නැවත අනන්තයට කල් යනවා.දැන් කියනවා අගමැතිවරයා ප්‍රධානත්වය දරන කමිටුවක් පත්කරනවා. ඒ කම්ටුව නැවත නිර්දේශ කරලා එවනකොට ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කෙරුවොත් මැතිවරණය පවත්වන තියෙන දිනයක් නෑ. ඒ නිසා අපි මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කරනවා මැතිවරණ පනත ප්‍රකාරව පනත ඇති බලතල අනුව සිමා නිර්ණය කිරීමේ කොමිසම වාර්තාව සම්මත වුණේ නැතිකොට තිබෙන පැරණි පනත බලාත්මකයි. ඒ තත්ත්වය තුළ වහාම පැරණි ක්‍රමයට හෝ පළාත් සභා මැතිවරණය පවත්වන්න කටයුතු කරන්න ප්‍රජාතන්ත්‍රවාදයද ඉඩ අහුරවන්න මේ ආණ්ඩුව ඉඩ දෙන්න එපා. ඒ තුළින් පෙනෙන ආණ්ඩුව පරාජය බාර ගන්න බැරුව අද දෙගොල්ල දෙපැත්තට වෙලා රණ්ඩු කරමින් ඉන්නවා. රටට සිද්ධ වෙන දෙයක් නෑ. ඒ වගේම පළාත් සභා පනත පරාජය වීම තුළ වහාම මෙම ආණ්ඩුව වගකීම අගමැතිවරයා ඇතුළු විෂයභාර ඇමැතිවරයා ඇතුළු සියලු දෙනා වහාම ඉල්ලා අස්විය යුතුයි. ලැජ්ජාවක් තියනවනං අපි නැවත නැවතත් එය අවධාරණය කරනවා.”
“ඉතාමත්ම උණුසුම් කරපු සතියක් බවට පත්වුණා. පළමුවෙන්ම විසුරුවලා ලබන මාසය වෙනකොට අවුරුද්දක් වෙනවා. සබරගමුව, උතුරුමැද හා නැගෙනහිර පළාත් සභා 3. ඒ පළාත් සභා 3 සහ ඔක්තෝබර් මාසය වන විට තවත් පළාත් සභා තුනක් විසිර යාමට නියමිතයි. ඒ අනුව සමස්ත පළාත් නවයෙන් පළාත් හයක ලබන මාසය වන විට ඡන්දයක් සඳහා මූලිකව පැවැත්විය යුතු මට්ටමක් ඇති වෙලා තිබෙනවා. ඒ පළාත් සභා අක්‍රිය වෙනවා. මේ තත්ත්වය තුළ බලයට පත් වර්තමාන රජය මැතිවරණ නිසි කලට පවත්වන බවත් මැතිවරණ වංචා දූෂණ නොකරන බවත් ජනතාව හමුවේ ඉර හඳ පවා දිවුරමින් ප්‍රකාශ කළේ නිසි කලට දුෂණ වලින් තොර මැතිවරණ පවත්වන බවයි. හැබැයි මෙතන කොමිසමක් පත් කළා. මැතිවරණ කොමිසමක් පත්කලත් මැතිවරණ කොමිෂම සහ කොමිසමේ සභාපතිවරයා අද වන විට සම්පූර්ණයෙන්ම නිෂ්ක්‍රිය තත්වයට පත්කරලා පළාත් සභා මැතිවරණ ඉතාම අකාරුණික ආකාරයට ප්‍රජාතන්ත්‍ර විරෝධී ආකාරයට මැතිවරණය කල් දමමින් සිටිනවා. දහ අතේ දිවුරලා රට හමුවේ පාර්ලිමේන්තුව හමුවේ පොරොන්දු දීලා, අපි නව මැතිවරණ ක්‍රමයක් ස්ථාපිත කරලා ඉතා ඉක්මණින් ජන්දය පවත්වනවයි කියලා."යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS