ලංකා පොහොර සමාගම විසින් ඉල්ලුමට වඩා වැඩියෙන් දියර කාබනික පොහොර තොගයක් ගැනීම නිසා එම සමාගම දැඩි මූල්‍ය අවදානමකට ලක්ව ඇතැයි වාර්තා වේ. මෙසේ...
ලංකා පොහොර සමාගම විසින් ඉල්ලුමට වඩා වැඩියෙන් දියර කාබනික පොහොර තොගයක් ගැනීම නිසා එම සමාගම දැඩි මූල්‍ය අවදානමකට ලක්ව ඇතැයි වාර්තා වේ.
මෙසේ මිලදීගෙන ඇති දියර කාබනික පොහොර ප්‍රමාණය ලීටර් ලක්ෂයක් බව පැවසෙන අතර ඉන් මෙතෙක් විකුණා ඇත්තේ ලීටර් හාරදහසකට ආසන්න ප්‍රමාණයක් බව පැවසේ.
පොහොර ගත්තේ ටෙන්ඩර්වලින් තොරවයි !
මේ පොහොර ලබාගෙන ඇත්තේ ටෙන්ඩර් පටිපාටියකින් තොරව බවද පැවසෙන අතර එය සිදුකර ඇත්තේ ඒ සඳහා යෝජනා කැඳවා එසේ යෝජනා ඉදිරිපත් කළ සමාගම් දෙක අතරින් එකක් තෝරා ගැනීමෙන් බව වාර්තා වේ.
කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් බී.විජේරත්න මහතා මේ සම්බන්ධයෙන් කියා සිටියේ ඒ සම්බන්ධයෙන් අභ්‍යන්තර විගණනය ප්‍රශ්නකර ඇති බවත්, තමාද ඒ සම්බන්ධයෙන් පොහොර සමාගමෙන් විමසීමක් කර ඇති බවයි.
සෙමා එකේ වැඩේ දැන් කරන්නෙ කෘෂිකර්මය
වස විසෙන් තොර ගොවිතැන යන සංකල්පය ජනාධිපති කාර්යාලය යටතේ ක්‍රියාත්මක උපායමාර්ගික ව්‍යවසාය කළමණාකරණ ආයතනය (සෙමා) විසින් ක්‍රියාවට නංවන ලද්දක් වන අතර එය මේ වන විට ක්‍රියාත්මක කරනු ලබන්නේ කෘෂිකර්ම අමාත්‍යංශය විසිනි.
දියර කාබනික පොහොර යොදාගනිමින් ගොවිතැන් කිරීම සෙමා ආයතනය විසින් හඳුන්වා දෙන ලද්දක් වේ.
කෙසේවුවද, කෘෂිකර්ම අමාත්‍යංශය මෙසේ ගෙන ඇති දියර කාබනික පොහොර සෙමා ආයතනයේ අධීකණය යටතේ සිදු කළ ගොවිතැන් සඳහා යොදන ලද දියර කාබනික පොහොරක්ද නොවන බව පැවසේ.
එසේම, සෙමා ආයතනය දියර කාබනික පොහොර ඉල්ලුමට අවශ්‍ය පරිදි සැපයීම සිදු කිරීම අපහසුවීම නිසා එම දියර කාබනික පොහොර ලබාදී ඇත්තේ නොමිලේ බවද වාර්තා වේ.
කවුද ගත්තේ ?
මේවන විට ලංකා පොහොර සමාගම ලබාදෙන දියර පොහොර ගොවියන් විසින් ප්‍රතික්ෂේප කර ඇති පැවසේ.
විකුණා මුදල් ලබාදෙන පදනම මත ලංකා පොහොර සමගාම මෙම දියර කාබනික පොහොර තොගය ලබාගෙන ඇති අතර එසේ විකුණා එම මුදල ගෙවීමට නොහැකිවීම හේතුවෙන් පොහොර සැපයූ ව්‍යාපාරිකයාට ලබාදී තිබූ රුපියල් මිලියන 125ක සුරැකුම් ඔහු බැංකුවකට ඇපයට තබා රුපියල් මිලියන 100 ක් ලබාගෙන තිබේ.
ලංකා පොහොර සමාගම සතුව පවතින්නේ රුපියල් මිලියන 225ක ස්ථාවර තැන්පතුවක් පමණක් බවත්, ඒ අනුව රුපියල් මිලියන 100ක මුදලක් එම සමාගමට අහිමිව ඇති බවද වාර්තා වේ.

COMMENTS