වවුනියාව ඊරට්ටපෙරියකුලම් පැරකුම් විද්‍යාලයේ බැඳ තිබූ බඹර වදයක් ඇවිස්සීමෙන් ගුරුවරියක් බඹර ප්‍රහාරයකට ලක් වී අද (03) වව්නියාව රෝහලට ඇතුළු ක...
වවුනියාව ඊරට්ටපෙරියකුලම් පැරකුම් විද්‍යාලයේ බැඳ තිබූ බඹර වදයක් ඇවිස්සීමෙන් ගුරුවරියක් බඹර ප්‍රහාරයකට ලක් වී අද (03) වව්නියාව රෝහලට ඇතුළු කර ඇතැයි පොලිසිය පැවසීය.
බඹර වදය ඇවිස්සීම හේතුවෙන් පාසලේ ළමුන්ද පාසල් භූමිය හා මාර්ග පුරා දිවීමට සිදු වූ අතර පාසල් සිසුවෙකුටද බඹරුන් දෂ්ඨ කොට ඇති බවට දෙමාපියන් පිරිසක් කියා සිටියහ.
අදාල සිදුවීම නිසාවෙන් අද (03) පාසල වසා දැමීමට විදුහල් පාලනාධිකාරිය කටයුතු කර තිබේ.
මෙලෙස බඹරු දෂ්ඨ කිරීමෙන් රෝහල්ගත කර ඇත්තේ එස්. විනෝදා නැමති යාපනය ප‍්‍රදේශයේ පදිංචි ගුරුවරියක් වන අතර විද්‍යාලයේ තෙමහල් ගොඩනැගිල්ලේ වහලෙහි තිබු බඹරකූඩුවෙහි කොටසක් අද (03) උදෑසන කඩා වැටී ඇති අතර විදුහල පුරා උදෑසන බඹරුන් සැරිසැරීමත් සමග මෙම තත්වය උදා වී ඇත.
පැරකුම් විද්‍යාලයේ බඹරුන් ඇවිස්සී ඇති බවට අදාල අංශ වෙත දැණුම්දී පැය ගණනක් යනතුරු කිසිදු බලධාරියකු නොපැමිණි බවද විදුහලේ ඉගෙනුම ලැබූ දරුවන්ගේ දෙමාපියෝ පවසති.
විදුහල අසල මාර්ගයේ ගමන් කිරීමට පැමිණි ප‍්‍රදේශවාසීන් කිහිපදෙනකුටම බඹරුන් දෂ්ඨ කළ බවද ඔවුහු වැඩිදුරටත් පැවසීය. බඹර කූඩු හේතුවෙන් පසුගිය මාර්තු 29 වැනිදා ද මෙම පාසල වසාදැමීමට සිදුවූ අතර එහිදී පැවති වාර විභාගයද අවලංගු කෙරිණ.
කෙසේ වෙතත් පාසලේ බඹර වදය සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම අවදානම් තත්වයක් පැවතියද විදුහල්පතිවරයා ඇතුලු පාලනාධිකරිය විසින් අවධානය යොමු කොට බඹර වදය ඉවත් නොකිරීම හේතුවෙන් මෙවන් තත්වයකට මුහුණ දීමට සිදුවූ බවටත් ඉදිරියේදී ඉතා ඉක්මනින් මෙම ඹඹර වදය ඉවත් නොකරන්නේ නම් ළමුන්ගේ ජීවිතයට විශාල අවධානමක් බවටද දෙමාපියන් චෝදනා කොට සිටිති.
(වන්නි රොමේෂ් මධුෂංඛ)
COMMENTS