එ ක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ලබන 2023 වසර අවසන් වනතුරු වෙනස් නොවන බවට එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු පැවසීය. පක්ෂ ව්‍යවස්ථාව අනුව එක්සත් ජාතික පක්...
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ලබන 2023 වසර අවසන් වනතුරු වෙනස් නොවන බවට එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු පැවසීය. පක්ෂ ව්‍යවස්ථාව අනුව එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වසර පහකට වතාවක් පත්කෙරෙයි.
කෘත්‍යාධිකාරී මණ්ඩලය මගින් යෝජනා ස්ථිරත්වයෙන් පත්කරනු ලබන එක්සත් ජාතික පක්ෂයේ නායකවරයාගේ නම පසුව පක්ෂ මහා සම්මේලනයට ඉදිරිපත් කර එහිදී ද අනුමත කර ගත යුතු වේ. ඒ අනුව පසුගිය ඔක්තෝබර් 03 දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනයේදී විශේෂ යෝජනා පහක් සම්මත කෙරිණි.
ඉන් තුන්වැනි යෝජනාව වූයේ ඉදිරි කාලයට කෘත්‍යාධිකාරී මණ්ඩලය මගින් පක්ෂ නායකයන් සඳහා යෝජනා කළ රනිල් වික්‍රමසිංහගේ නම ඉදිරිපත් කිරීමයි. එම යෝජනාව ඉදිරිපත් කර ස්ථිර වීමත් සමග රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස් නොවුණහොත් ඔහු ඉන් ඉවත් කිරීමට කාලය අවසන් වන තෙක් නොහැකිය.
කෙසේ වෙතත් ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ සජිත් ප්‍රේමදාසව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලෙස පත්කළ අතර ඔහුට ඊට අමතරව පක්ෂ නායකත්වය ලැබිය යුතු බවට සජිත් ප්‍රේමදාසට හිතවත් මන්ත්‍රීවරුන් කියයි.
කෙසේ වෙතත් පක්ෂයේ ව්‍යවස්ථාව දැන දැනම නායකත්ව වෙනසක් ඉල්ලා සිටීම පාක්ෂිකයන් නොමග යැවීමට කරන වැඩක් බව එම ජ්‍යෙෂ්ඨ නායකයා සඳහන් කළේය.
කෙසේ වෙතත් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ තවදුරටත් ඵක්ෂ නායකත්වය රනිල් වික්‍රමසිංහ විසින් දරන බවයි.
ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් සම නායකත්වය කෙටිකාලීනව කථානයක කරු ජයසූරියට ලබාදී විපක්ෂය මෙහෙයවීමේ කටයුතු සැලසුම් කර ඇති බව වාර්තා වේ. මැතිවරණයෙන් පසුව යළිත් නායකත්වය රනිල් වික්‍රමසිංහට හිමිවනු ඇත.
චමින්ද සේනාරත්න

COMMENTS