දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සජිත් පිල වෙනම පක්‍ෂයක් හදන බව කියනවා - එජාපයෙන් නිවේදනයක්
Homeප්‍රවෘත්ති

සජිත් පිල වෙනම පක්‍ෂයක් හදන බව කියනවා - එජාපයෙන් නිවේදනයක්

PropellerAds

වි පක්‍ෂ නායක ධුරයට අමතරව සජිත් ප්‍රේමදාස මහතාට ඉදිරි මැතිවරණයේදී අගමැති අපේක්‍ෂකත්වය ද ලබා දී පක්‍ෂ ප්‍රතිසංවිධානය ඇතුළු සියලු දේ ලබන සතිය...

විපක්‍ෂ නායක ධුරයට අමතරව සජිත් ප්‍රේමදාස මහතාට ඉදිරි මැතිවරණයේදී අගමැති අපේක්‍ෂකත්වය ද ලබා දී පක්‍ෂ ප්‍රතිසංවිධානය ඇතුළු සියලු දේ ලබන සතිය අවසන්වීමට පෙර සිදු කරන බවට පක්‍ෂය එක`ග බව එක්‌සත් ජාතික පක්‍ෂය කියා සිටී.
එසේ තිබියදී එජාප ප්‍රතිසංවිධාන කමිටුවෙන් ඉල්ලා අස්‌වන බව ඇතමුන් පැවසීමත් එහි කටයුතු ප්‍රසිද්ධියේ විවේචනය කිරීමත් පක්‍ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළට අකුල් හෙළීමක්‌ බවද එජාපයේ ලක්‍ෂමන් කිරිඇල්ල, වජිර අබේවර්ධන, මහාචාර්ය ආශු මාරසිංහ යන මහත්වරු ඒකාබද්ධ නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටිති. එහි වැඩිදුරටත් මෙසේද සඳහන් කර තිබේ.

පක්‍ෂ ප්‍රතිසංවිධාන පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම උදෙසා පත් කරන ලද කමිටුවේ සාමාජිකයන් දෙපළක්‌ වන රංජිත් මද්දුමබණ්‌ඩාර මහතා සහ තලතා අතුකෝරාළ මහත්මිය විසින් පුවත් පත් සාකච්ඡාවක්‌ පවත්වා සිය පුද්ගලික අදහස්‌ සහ මතිමතාන්තර ප්‍රසිද්ධියේ පළ කිරීම සම්බන්ධව අපගේ අවධානය යොමු වී ඇත.

එය කමිටුව වෙත පැවරී තිබුණු වගකීම් පැහැර හැරීමක්‌ සේම, පක්‍ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළට අකුල් හෙළීමක්‌ සේ අපි දකිමු.

ඔවුන්ගේ අදහස්‌ දැක්‌විය යුතුව තිබුණේ කමිටුව තුළදී මිස වෙනත් වෙනත් වේදිකාවන්හි නොවේ. පක්‍ෂයේ සමගිය සහ උන්නතිය අපගේ පරම අපේක්‍ෂාව වන හෙයින් ඔවුන් දැක්‌වූ අදහස්‌වලට පිළිතුරු බැඳීමට හෝ පක්‍ෂ ප්‍රතිසංවිධානය පිළිබඳ අපගේ අදහස්‌ ප්‍රසිද්ධියේ පළ කිරීමට අපි අදහස්‌ නොකරමු. ඒ පිළිබඳ අපේ අදහස්‌ අප ප්‍රකාශ කරනුයේ කමිටුව තුළ දී පමණි.

නමුත් ඔවුන් පැවැත්වු ප්‍රවෘත්ති සාකච්ඡාව නිසා පාක්‍ෂිකයන් මෙන්ම මහජනතාව තුළ ද පක්‍ෂ ප්‍රතිසංවිධානය පිළිබඳ වැරදි අවබෝධයක්‌ ඇති විය හැකි නිසා කරුණු පැහැදිලි කරන්නට අපේක්‍ෂා කරමු.

නායකතුමන් පැහැදිලිවම සඳහන් කර තිබුණේ පක්‍ෂ ප්‍රතිසංවිධාන කාර්යයන් කඩිනමින් සිදු කළ යුතු බවය. සියලු වෙනස්‌කම් අඩුතරමින් දෙසැම්බර් 20 වන දා වන විට ක්‍රියාවට නැංවිය යුතු බවය. ඒ අනුව ප්‍රතිසංවිධාන නිර්දේශ ඉදිරිපත් කිරීම කමිටුවට පැවරිණි. විපක්‍ෂ නායක ධුරයට අමතරව ඉදිරි මැතිවරණයේ අගමැති අපේක්‍ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීම සම්බන්ධයෙන් මේ වනවිටත් කමිටුව එක`ගතාවයකට පැමිණ තිබිණි. ප්‍රතිසංවිධානයට අදාළ සියලු නිර්දේශ පිළිබඳ පක්‍ෂයේ නිලධාරී මණ්‌ඩලය, ජ්‍යෙෂ්ඨ සාමාජිකයන්, පසු පෙළ මන්ත්‍රීවරුන් සම`ග මෙන්ම, පක්‍ෂයට අනුශාසනා කරන මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයන්ද සම`ග සාකච්ඡා කොට ලබන සතිය අවසන් වීමට පෙර තීන්දු තීරණයන්ට එළැඹීම පක්‍ෂයේ අරමුණ හා අභිප්‍රාය විය.

සාමූහිකව සමගියෙන් හා සම්මුතියෙන් තීරණ ගැනීමේ ක්‍රියා පිළිවෙතක්‌ සකස්‌ වී තිබියදී, ඊට පිටුපා යමින් කමිටුවේ මතයට පටහැනිව කටයුතු කිරීම අපට අනුමත කළ නොහැකිය.

වෙනත් පක්‍ෂ සෑදීමට හා ඒවායින් ඡන්දය ඉල්ලීමට කටයුතු කරන බව කියමින්, පක්‍ෂයටත්, පාක්‍ෂිකයාටත් අවමන් කිරීමේ ක්‍රියාවලියකට හෝ පක්‍ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ අවුල් කර, අසමගියක්‌ උලුප්පා දැක්‌වීමේ ක්‍රියාවලියක නිරත වීම කනගාටුවට කරුණකි.

පක්‍ෂයේ සමගියත්, පාක්‍ෂිකයන්ගේ ගෞරවයත් ආරක්‍ෂා කිරීමට අප සැමවිටම බැඳී සිටින බව අවධාරණය කර සිටිමු.

– divaina


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29279,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සජිත් පිල වෙනම පක්‍ෂයක් හදන බව කියනවා - එජාපයෙන් නිවේදනයක්
සජිත් පිල වෙනම පක්‍ෂයක් හදන බව කියනවා - එජාපයෙන් නිවේදනයක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh4tuYRpfLAfX-BZVPbHa2gpIIBV_zUrCx6fXn9U5buhrPnIYqcSjk6L5n-JP3QhbG7HeT_AF2cuHed28TOYLnr0dLQxEsKth7Fi5d_fpC3yfjmRKV2XORoNmkGxEsGJkmyO5sOlz3O-G4w/s320/ranil-sajith.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh4tuYRpfLAfX-BZVPbHa2gpIIBV_zUrCx6fXn9U5buhrPnIYqcSjk6L5n-JP3QhbG7HeT_AF2cuHed28TOYLnr0dLQxEsKth7Fi5d_fpC3yfjmRKV2XORoNmkGxEsGJkmyO5sOlz3O-G4w/s72-c/ranil-sajith.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/12/blog-post_382.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/12/blog-post_382.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy