මාකඳුරේ මධූෂ් මෙරට ආරක්ෂක අංශ භාරයට ගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ඩුබායි බලධාරීන් සමඟ සාකච්ඡා කර ඉදිරි පියවර ගන්නා බව ආරක්ෂක රාජ්‍ය අමාත්...
මාකඳුරේ මධූෂ් මෙරට ආරක්ෂක අංශ භාරයට ගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ඩුබායි බලධාරීන් සමඟ සාකච්ඡා කර ඉදිරි පියවර ගන්නා බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසයි.
ඔහු වැඩිදුරටත් සඳහන් කලේ මදූෂ් අත්අඩංගුවට ගත් බවට ඩුබායි රජය මේ වනතෙක් නිල වශයෙන් මෙරටට දැනුම් දී නොමැති බවයි. ජාත්‍යන්තර රතු නිවේදන ලබා සිටි මෙරට ප්‍රබලතම පාතාල කල්ලි නායකයා හෙවත් පාතාලයේ ගෝඩ් ෆාදර් ලෙස හැඳින්වෙන මාකඳුරේ මධුෂ් අත්අඩංගුවට ගෙන තිබුණේ ඩුබායිහී හෝටලයක සංවිධාන කර තිබූ සාදයක් අතරතුරදියී.
ඩුබායි ආරක්ෂක අංශ විසින් සිදු කරන ලද ඒකාබද්ධ මෙහෙයුමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ. ඔහු සමග තවත් අපරාධ කල්ලි සාමාජිකයින් සහ කලා කේෂ්ත්‍රයට සම්බන්ධ පිරිසක් ඇතුළු 25 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. ඒ අතර ජනප්‍රිය ගායන ශිල්පී අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදිමාල් පෙරේරාද සිටිති. එම සියලු දෙනා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් සතුව තිබී මත්ද්‍රව්‍ය තොගයක් ද සොයාගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.
මෙරට සිදුවූ ප්‍රධාන පෙළේ ඝාතන සහ මත්ද්‍රව්‍ය ජාවාරම් රැසක් සම්බන්ධයෙන් පොලීසියට අත්‍යවශ්‍යව සිටි සමරසිංහ ආරච්චිගේ මධූෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධූෂ්, මෙරටට ගෙන්වාගෙන නීතිය හමුවට පැමිණවීමට අදාළ රජයේ ඉදිරි පියවර සම්බන්ධයෙන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ, නිල වශයෙන් දැනුම් දුන් පසුව එයට අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා බවයි.
කෙසේ වෙතත් ආරංචියක් පමණක් මධූෂ් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ලැබී ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

COMMENTS