අපේ රටේ අගමැති මාධ්‍යට තර්ජනයක් කළ බව දේශ හිතෛෂී භික්ෂු පෙරමුණේ නායක පුජ්‍ය බෙංගමුවේ නාලක හිමි පවසයි. එම සංවිධානය අද කොළඹ කැඳවා තිබූ මාධ්...
අපේ රටේ අගමැති මාධ්‍යට තර්ජනයක් කළ බව දේශ හිතෛෂී භික්ෂු පෙරමුණේ නායක පුජ්‍ය බෙංගමුවේ නාලක හිමි පවසයි.
එම සංවිධානය අද කොළඹ කැඳවා තිබූ මාධ්‍ය සාකච්ජාවකදී මෙම අදහස් පළ කළේය.
එහිදී පැවිදි හඬ සංවිධානයේ කැඳවුම්කරු පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි මෙසේ අදහස් දැක්වීය.
“අද අපේ රටට එකතු වෙන්න ඕනේ නම් අපි ප්‍රතිපත්ති මාලාවක් හදලා දෙනවා. මේ ව්‍යවස්ථාව මුළුමනින්ම අකුලා ගන්න. දේශීය දේවල් විකුණන්න සූදානම් වෙන්න එපා. බැඳුම්කරය පිළිබඳව නඩු දාලා යම්කිසි ඉන්නවනම් අල්ල ගන්න හොරු හරි ඔවුන්ට දඬුවම් දෙන්න. මෙන්න මේවා ආණ්ඩුව කරනවා නම් අපි ලෑස්ති ඉදිරියේදී මොනවා හරි යම් යම් පියවරවල් ගන්න. එකතු වෙන්න කතා කරන ඇත්තන්ටත් විරෝධය කරන ඇත්තන්ටත් අපි කියන්නේ ඉස්සෙල්ලා මේ තුන විසදලා ඉන්න.”
දේශ හිතෛෂී භික්ෂු පෙරමුණේ නායක පුජ්‍ය බෙංගමුවේ නාලක හිමි මෙසේ අදහස් දැක්වීය.
“ඊයේ මාධ්‍යකරුවන්ට එරෙහි තර්ජන පිළිබඳව ජාත්‍යන්තර සමුළුවක් පැවතුණා. එතැනට ගිහිල්ලා අපේ රටේ අගමැති මාධ්‍යට තර්ජනයක් කළා. පෞද්ගලික මාධ්‍ය ආයතනවල ප්‍රධානීන් ආවේ නෑ මෙතන්ට කියලා. ඒ අය මේ ආණ්ඩුවට විරුද්ධව වැඩ කරනවයි කියලා එහෙම කිව්වා. ආණ්ඩුවට විරුද්ධව වැඩ කරන පෞද්ගලික මාධ්‍යවලට මම අවශ්‍ය දේ කරනවයි කියන එක තමයි එතැනදී කියවුණේ. මාධ්‍යයේ වැරදි තියෙනවා නම් ඒවත් අපි කියනවා ප්‍රසිද්ධියේ නෙවෙයි. මාධ්‍ය අයිතිකරුවන්ට. මාධ්‍ය ගනු ලබන ඒ නිවැරදි නිර්භීත ක්‍රියාවලියට අපි සම්පුර්ණයෙන් ආශීර්වාද කරනවා. අපි මාධ්‍යත් එක්ක ඉන්නවා.”
COMMENTS