ශ්‍රී පාද වන්දනාවේ හැටන් මාර්ගය ඔස්සේ පැමිණීමේදි කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශ වලින් දිය නෑම සිදු නොකරන ලෙසට පොලිසිය වන්දනාකරුවන්ගෙන් ඉල්ලි...
ශ්‍රී පාද වන්දනාවේ හැටන් මාර්ගය ඔස්සේ පැමිණීමේදි කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශ වලින් දිය නෑම සිදු නොකරන ලෙසට පොලිසිය වන්දනාකරුවන්ගෙන් ඉල්ලිමක් කර සිටිති.
එම ජලාශවල ජලය අධි ඝනත්වයෙන් සහ අධික ශිතල ගතියෙන් යුක්ත නිසා එය දිය නෑම අවධානම් බවයි පොලිසිය කියා සිටින්නේය.
හැටන් මාර්ගය ඔස්සේ දිය නෑම සදහා ආරක්‍ෂිත ස්ථාන කිහිපයක් මාර්ගය දෙපස අඹගමුව ප‍්‍රාදේශිය සභාව මගින් ස්ථාපනය කර ඇති නිසා ඒවායෙන් දියනෑම සිදු කරන ලෙස පොලිසිය කියා සිටියි.
තවද එම මාර්ග අධික වංගු සහ බෑවුම් සහිත නිසා එම මාර්ග වල වාහන ධාවනය කිරිමේදි හා වාහන ගාල් කිරිමේදි සැලකිලිමත් වන ලෙස ද රියදුරන්ගෙන් පොලිසිය ඉල්ලා සිටිති.
තවද ශ්‍රී පාද පරිසරය රැක ගැනිමට ශ්‍රී පාදස්ථානාධිපති සබරගමු පළාතේ ප‍්‍රධාන සංඝනායක හා ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙංගමුවේ ධම්ම දින්න නායක ස්වාමින් වහන්සේගේ උපදෙස් පරිදි පොලිසිය අඹගමුව ප‍්‍රාදේශිය සභාව එක්ව කි‍්‍රයාත්මක කරන පරිසරය රැක ගැනිමට දියත් කර ඇති වැඩ සටහන්වලට සහයෝගය දක්වන ලෙසද පොලිසිය වන්දනාකරුවන්ගෙන් ඉල්ලිමක් කර සිටියි.
(හැටන් රංජිත් රාජපක්ෂ)
COMMENTS