ජනාධිපති ලේකම්වරයා සමඟ පැවති සාකච්ඡා අසාර්ථක වීමත් සමඟ දුම්රිය වර්ජනය අඛණ්ඩව සිදු කිරීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබේ. ජනාධිපති ලේ...
ජනාධිපති ලේකම්වරයා සමඟ පැවති සාකච්ඡා අසාර්ථක වීමත් සමඟ දුම්රිය වර්ජනය අඛණ්ඩව සිදු කිරීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබේ.
ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා සහ දුම්රිය වෘත්තීය සමිති අතර ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ පස්වරුවේ මෙම සාකච්ඡා පැවැත්වුණි.
කෙසේවෙතත් මෙම සාකච්ඡාවලදී තම ඉල්ලීම්වලට නිසි විසඳුම් නොලැබුණු බව දුම්රිය වෘත්තීය සමිති සඳහන් කළේය.
ඒ අනුව ඊයේ රාත්‍රී 7.00ට පමණ දුම්රිය වෘත්තීය සමිති රැස්වී සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී තීරණය වී ඇත්තේ මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදු කිරීමටයි.
COMMENTS