මාධ්‍ය නිදහස රැක ගැනීම සඳහා මාධ්‍ය ආයතනවලට ඇති උනන්දුව සැක සහිත බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. අග‍්‍රාමාත්‍යවරයා ඒ බව ප...
මාධ්‍ය නිදහස රැක ගැනීම සඳහා මාධ්‍ය ආයතනවලට ඇති උනන්දුව සැක සහිත බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා.
අග‍්‍රාමාත්‍යවරයා ඒ බව පැවසුවේ කොළඹ දැන් පැවැත්වෙන ජනමාධ්‍යවේදීන්ට සිදුවන ප‍්‍රචණ්ඩත්වයට එරෙහි ජාත්‍යන්තර සමුළුවේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින්.
මාධ්‍ය නිදහස තහවුරු කිරීමට සහ මාධ්‍යවේදී ආරක්ෂා කිරීම සඳහා ආණ්ඩුව කැපවී සිටින බව ද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙහිදී කියා සිටියා.
එහෙත් මාධ්‍ය ආයතනවලට ඒ සඳහා උවමනාවක් නොමැති බවයි අග‍්‍රාමාත්‍යවරයා පැවසුවේ. ඔවුන්ගේ අවශ්‍යතාවය වී ඇත්තේ මාධ්‍ය නිදහස භාවිත කරමින් ආණ්ඩුව පෙරළා දැමීමට බව ද අග‍්‍රාමාත්‍යවරයා චෝදනාවක් කළා.
COMMENTS