ලබන 31දා සිට අවම වශයෙන් තව වසරකටවත් එජාපය සමඟ තිබෙන අවබෝධතා ගිවිසුමේ කාලය දීර්ඝ කරන ලෙස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ශ්‍ර...
ලබන 31දා සිට අවම වශයෙන් තව වසරකටවත් එජාපය සමඟ තිබෙන අවබෝධතා ගිවිසුමේ කාලය දීර්ඝ කරන ලෙස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ ප්‍රබලයන් කිහිපදෙනකුට නියෝග කර ඇතැයි වාර්තා වන බව පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
ඔහු මේ බව පැවසූවේ බොරැල්ල එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ ඊයේ (27) පැවැති ඒකාබද්ධ විපක්‍ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.
ඒ මහතා වැඩිදුරටත් මෙසේද කීය.
“චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය නියෝග කරලා තිබෙනවා ශ්‍රී ලනිප මධ්‍යම කාරක සභාවේ ප්‍රබලයන් කිහිප දෙනකුට දෙසැම්බර් 31 සිට අවම වශයෙන් තව වසරකට එජාපය සමඟ තිබෙන අවබෝධතා ගිවිසුමේ කාලය දීර්ඝ කරන ලෙසට. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ඉදිරියේ පින් සෙණ්ඩු වෙනවා කාලය දීර්ඝ කරගන්න කියලා. ජනවාරි 01 වැනිදායින් පසු මේ දීගය මෙහෙම ගෙනියනවා නම් ශ්‍රී ලනිප මිත්‍රවරුනි, ඔබගේ මැතිවරණ සටන් පාඨය 'හොරු සමඟ හෙලුවෙන්' කියලා අලුතින් ලියාගන්න. ශ්‍රී ලනිපය සහ එජාපය අතර තිබෙන්නේ කුරුමිණියා සහ ඇස්බැස්ටෝස් අතර තිබෙන සම්බන්ධය වගේ එකක්.“
“ආණ්ඩුවේ ඇමැතිවරයෙක් කියනවා ඒකාබද්ධ විපක්‍ෂයෙන් එකතු වෙන පිරිස් ගැන. අනෙක් පැත්තෙන් තර්ජනය කරනවා. ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රිවරුන්ව මන්ත්‍රි ධුරවලින් නෙරපනවා කියලා. අපිව මන්ත්‍රි ධුරවලින් එළවනවා කියලා අභියෝග කරන්නේ එජාපයේ ආදි ශිෂ්‍යයන්. ශ්‍රී ලනිපය සිරිකොත බැමිවලින් මුදා ගන්න හදන විට අපිට අභියෝග කරනවා. මේක අභියෝගයක් නෙවෙයි හාස්‍යයට කරුණක්. වරදාන, වරප්‍රසාදවලට ගොදුරු වෙලා අපේ දෙන්නෙක් ආණ්ඩුවට එකතු වුණා. නමුත් ආණ්ඩුවේ ඇමැතිකම් අත්හැරලා තිදෙනෙක් අපේ පැත්තට ආවා. ඒ නිසා මොන ගොඩද වැඩි වෙන්නේ කියලා බලාගෙන ඉන්න.“ යැයිද ඩලස් අලහප්පෙරුම මහතා වැඩිදුරටත් පැවසී ය.
COMMENTS