"නීතියට අනුව ක්‍රියා කිරීම බැඳුම්කර සල්ලිවලින් ගහන "ජනයුගය" පත්‍රයට නාඩගමක් වෙලා" යැයි ක්‍රීඩා ඇමැති නීතිඥ දයාසිරි ජයස...
"නීතියට අනුව ක්‍රියා කිරීම බැඳුම්කර සල්ලිවලින් ගහන "ජනයුගය" පත්‍රයට නාඩගමක් වෙලා" යැයි ක්‍රීඩා ඇමැති නීතිඥ දයාසිරි ජයසේකර පාර්ලිමේන්තුවේදී පැවැසීය.
අය-වැය කාරක සභා අවස්ථාවේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය යටතේ කතා කරමින් එසේ පැවැසූ ඇමැතිවරයා බැඳුම්කර වංචාවෙන් බැඳුම්කර පත්තරයක් ගැහුවා කියා මා කීවානේ.
ඒ තමයි මේ "ජනයුගය" පත්තරේ. (පත්‍රයේ ඡායා පිටපතක් පෙන්වයි) බැඳුම්කර වංචාව ගැන අපි ගහන කොට අපට වෙනත් විදියකට ගහනවා.
ක්‍රිකට් ක්‍රීඩකයන් සම්බන්ධව මා ගත් තීන්දුව ගැන "මව්බිම" ලියනවා. "දයාසිරි ගේම අතට ගනී", "ගුවන් තොටුපොළට ගිය ටීම් එක යළි කැඳවයි" කියලා ඒක හොඳද නරකද කියලා ප්‍රශ්න තියෙන්න පුළුවන්. හොඳ වෙන්නත් පුළුවන්. නරක වෙන්නත් පුළුවන්. මා හිතනවා ඒක හරි කියලා.
හැබැයි "ජනයුගය" ගහනවා "ක්‍රීඩා ඇමැති නාඩගමක් නටයි. දැන් ඒක ඒ ගොල්ලන්ට නාඩගමක් විදියටයි පේන්නේ. "අරකෙ ගේම අතට ගනී" මේකෙ නාඩගමක් තමයි.
ප්‍රශ්නෙ තියෙන්නේ මේකයි. නීතිය අනුව ක්‍රියාත්මක වුණොත් ඒක ඒ ගොල්ලන්ට නාඩගමක් නටන එකක්. නීතිය හරියට ක්‍රියාත්මක වෙලා හොරු අල්ලනවා නම්, බැඳුම්කර හොරු ටික අල්ලනවා නම්, ගහපු පත්තරවල ගාණ අහුවෙනවා නම්, ගැහුවේ කීයද කියලා හොයනවා නම්, සල්ලි කාටද දුන්නේ කියලා හොයනවා නම්, කාටද එපාට්මන්ට් අරන් දුන්නේ කියලා හොයනවා නම්, කාටද කෝල්ස් දුන්නේ කියලා හොයනවා නම් ඒක ඒ ගොල්ලන්ට නාඩගමක්. ඒ කියන්නේ නීතිය අනුව ක්‍රියාත්මක වීම මේ කම්බා හොරුන්ට බැඳුම්කර වංචා හොරුන්ට නාඩගමක් නැටීමක්. නීතිය නැතිව ඉන්න ඕනෑ කියන එක තමයි ඒ ගොල්ලෝ කියන්නේ. ඒ කියන්නේ රටේ නීතියක් කරන්න එපා කියලා කියන්නේ.
"මේ හොරු ටික අල්ලලා හිරේ දානතුරු අපි සටන ගෙනියන්න ඕන"
"ජනාධිපතිතුමා දෙසැම්බර් 31දා දක්වා බැඳුම්කර කොමිසමේ කාලය දික්කරලා තියෙනවා. එහෙම හරි කමක් නෑ මේ හොරු ටික අල්ලලා හිරේ දාන්න ඕන."
"බැඳුම්කර වංචාවෙන් මෙරටට අහිමිවූ ප්‍රකෝටි ගාණක් මේ රටේ ජනතාවගේ සල්ලි නැවත ආපසු ලබා ගන්න වාතාවරණයක් සකස් කරන්න කියලා ඉල්ලනවා. නැත්නම් ඔවුන් ජීවිත කාලය දක්වා හිරේ දාන වැඩ පිළිවෙළකට යා යුතුයි.
COMMENTS