තමාගේ ඉල්ලීම අනුව ෆයිසර් ඇමැතිවරයා පළාත් පාලන මැතිවරණයට අදාල සීමා නීර්ණ ගැසට් පත්‍රයට එරෙහිව නඩුවක් ගොනු කර තිබූ පෙත්සම්කරුවන් හමුවී සාකච්...
තමාගේ ඉල්ලීම අනුව ෆයිසර් ඇමැතිවරයා පළාත් පාලන මැතිවරණයට අදාල සීමා නීර්ණ ගැසට් පත්‍රයට එරෙහිව නඩුවක් ගොනු කර තිබූ පෙත්සම්කරුවන් හමුවී සාකච්ඡා කළ බවත් පසුව ඔවුන් නඩුව ඉල්ලා අස්කර ගැනීමට එකඟ වූ බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
තමා එම පෙත්සම්කරුවන්ට විශේෂ ස්තූතියක් කරන බවත් තමා එලෙස ගත් පියවර හේතුවෙන් නැවතත් පලාත් පාලන මැතිවරණය පැවැත්වීමට හැකියාවක් ලැබුණු බවත් අගමැතිවරයා පෙන්වා දුන්නේය.
පලාත් පාලන මැතිවරණය ජනවාරි මාසයේ අවසානයේ පැවැත්වීමට හැකියාවක් තිබේද යන්න තමා මැතිවරණ කොමිසමට කතා කර විමසූ බවත් මැතිවරණ කොමිසමට එම දිනයන්හි මැතිවරණය පැවැත්වීමට අපහසු බව තමාට දැන්වූ බවත් පැවසූ අගමැතිවරයා හැකි ඉක්මනින් මැතිවරණය පැවැත්විය යුතු බවට තමා මැතිවරණයට කොමිසමට දැන්වූ බවත් කියා සිටියේය.
පුංචි ඡන්දේ පෙබරවාරි 04න් පසු
තමා පක්ෂ නායකයින් හමුවන බවත් එනිසා පෙබරවාරි 04වනදායින් පසු පළමු වැනි සෙනසුරාදා දිනයේ මැතිවරණය පැවැත්විය හැකි බවත් ඒ අනුව පක්ෂ නායකයින් සමග සාකච්ඡා කර මැතිවරණයට කොමිසම ඒ බව දැනුම් දෙන බවත් ඔහු සඳහන් කළේය.
අගමැතිවරයා මේ බව සඳහන් කළේ බිංගිරිය ප්‍රදේශයේ පැවැති ජනහමුවකදීය.
COMMENTS