දියතලාවේ පිහිටි ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යා පීඨයේ පුහුණුව ලැබූ 92 වන කෙඩෙට් කණ්ඩායමේ විසිර යාමේ උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන ම...
දියතලාවේ පිහිටි ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යා පීඨයේ පුහුණුව ලැබූ 92 වන කෙඩෙට් කණ්ඩායමේ විසිර යාමේ උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (17) දියතලාව, යුද හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
මෙම විසිරයාමේ පෙළපාලියේ දී ලූතිනන් කර්නල් ලෙස අධිකාරී ලත් නිලධාරීන් අතරින් විශේෂ දක්ෂතා දැක්වූ නිලධාරීන් හා නිලධාරිනියන් වෙත එම අධිකාරි නිලයේ නිල ලාංඡනය සහිත උරහිස් පටි පැළැදවීම ද ජනාධිපතිතුමා අතින් සිදුවීම විශේෂත්වයක් විය.
රාජ්‍ය නායකයකු අධිකාරිලත් නිලයන් වෙත පමුණුවන ලද හමුදා නිලධාරීන් වෙත ලාංඡන පැළදවීමට එක්වූ පළමු වතාව ලෙස මෙය යුද හමුදා ඉතිහාසයේ සටහන් වේ.
COMMENTS