අ ග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කතරගම ප්‍රදේශයේ උත්සවයකට සහභාගී වීම සඳහා පැමිණි හෙලිකොප්ටර් යානයේ සුළං පහරට මැණික් ගඟ ඉවුරේ ගසක අත්තක්...
අග්රාමාත්ය රනිල් වික්‍රමසිංහ මහතා කතරගම ප්‍රදේශයේ උත්සවයකට සහභාගී වීම සඳහා පැමිණි හෙලිකොප්ටර් යානයේ සුළං පහරට මැණික් ගඟ ඉවුරේ ගසක අත්තක් කඩා වැටී මැණික් ගඟේ දියනාමින් සිටි පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවක් තුවාල ලබා කතරගම දිසා රෝහලට ඇතුලත් කළ පුවතක් වාර්තා වනවා.
අද (03) පෙරවරු 8.30 ට පමණ මෙම සිදුවීම සිදුව ඇති අතර මෙලෙස තුවාල ලබා රෝහල් ගතකර තිබුනේ මාතර ප්‍රදේශයේ සිට වන්දනාවේ පැමිණ දියනාමින් සිටි ජී.එල්.ඒ.ජගත්සිරි නමැති 53 හැවිරිදි පුද්ගලයෙකු සහ සහ ගාල්ල පෙරුමගේ කරුණාසීලි නැමති 64 හැවිරිදි කාන්තාවක්.
කතරගම ගංගාරාම විශ්‍රාම ශාලාව අසල ගුවන් අංගනයට අග්‍රාමාත්‍යවරයා බස්සවා නැවත ඉන්ධන ලබාගැනීම සඳහා හෙලිකොප්ටරය ගුවන් ගතකරන අතරවාරයේ ගඟ ඉවුරේ තිබු ගසක අත්තක් මෙලෙස කඩා වැටී ඇති බවයි වාර්තා වන්නේ.

COMMENTS