දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විමල්ගේ පවුලේ මාසික ජීවන වියදම රුපියල් 26,000යි.
Homeගොසිප්

විමල්ගේ පවුලේ මාසික ජීවන වියදම රුපියල් 26,000යි.

PropellerAds

විමල් වීරවංශ මහතා පවුලේ ජීවන වියදම වෙනුවෙන් මාසයකට රුපියල් විසිහයදහසක් පමණ යොදවා ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම්, නීතීඥ කපිල ගමග...

මොරටුව ඉංජිනේරු පීඨ ඇදුරු තුමා වැල්ලවත්තේදී දුම්රියේ හැපී මරු දකී.
රංගන හේරත් වාස්ව අභිබවා මුරලිට දෙවැනියා වෙයි
ඇඩ් එක දමා පැත්ත මාරු කළ ඒඑස්පී ලියනගේට මෛත්‍රිගෙන් තානාපතිකමක්

විමල් වීරවංශ මහතා පවුලේ ජීවන වියදම වෙනුවෙන් මාසයකට රුපියල් විසිහයදහසක් පමණ යොදවා ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම්, නීතීඥ කපිල ගමගේ මහතා පවසයි.

හෙතෙම මේ බව පැවසූවේ පිටකෝට්ටේ පිහිටි පක්‍ෂ ප්‍රධාන කාර්යාලයේදී පසුගිය දා පැවති මාධ්‍ය හමුවේදී ය.

මාසිකව රුපියල් 65,000ක දීමනාවක් හිමි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගෙන් මාසිකව රුපියල් 26,000ක් උපයා ගත්තේ කෙසේද යන්න ප්‍රශ්න කර ඇති බවත් මෙවැනි විහිළු චෝදනා සහිත නඩු ගොනු වෙන්නේ විමල් වීරවංශ මහතා රට වෙනුවෙන් මේ ආණ්ඩුවට එරෙහිව ගෙන යන සටන නිසා බවත් කපිල ගමගේ මහතා සඳහන් කළේය.

තවම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් විමර්ශන පවා අවසන් කර නැති කරුණු රැසකට අදාළව විමල් වීරවංශ මහතාට මහාධිකරණයේ අධි චෝදනා පත්‍රයක් ගොනුකර ඇති බවත් එලෙස සිදු කර ආණ්ඩුව අවශ්‍ය වී ඇත්තේ පළාත් පාලන ඡන්ද කාලසීමාවේ දී ‘ඔන්න විමල්ට කෝටි 07ක් ගැන නඩුවක් තියෙනවා’ යැයි පැවසීම බවත් එම මාතෘකාව හදා ගැනීමට ඡන්දය කටේ තියා ගෙන මෙවැනි නඩු පැවරීමක් සිදු කර ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

එහිදී අදහස් දැක්වූ ඒ මහතා මෙසේද සඳහන් කලේය.

“මේ කෝටි හතෙන් කෝටි 1.22කට අදාළ සිදු වීම මේ තත්වය තේරුම් ගැනීම සඳහා මම ඔබට පැහැදිලි කර දෙන්නම්. ‘එක්කෝටි විසිදෙලක්‍ෂ හත්සිය ගණනක්’ උපයා ගත්තේ කොහොමද, කියා අහලා තිබෙනවා. මේ උපයා ගත්තු එක්කෝටි විසිදෙලක්‍ෂය ‘2010 අප්‍රේල් 26 සිට 2014 දෙසැම්බර් 31 දක්වා වන අවුරුදු 05කට ආසන්න කාලය තුළ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශයේ රාජකාරි කටයුතුවලට යොදා ගන්නා ලද නිල වාහන සඳහා වැය කරන ලද ඉන්ධනවල වටිනාකම’ ලෙසයි අල්ලස් කොමිසම දන්වා ඇත්තේ. හත් දෙයියනේ, මේ අහන්නේ රජයෙන් නිල රාජකාරි සඳහා ඇමතිවරයකුට දෙන ඉන්ධන දීමනාව උපයා ගත්තේ කොහොමද, කියලයි. මේ මුදල අමාත්‍යවරයාගේ නිල රථය සහ වාහන සංවිතයෙන් ඔහුට අවශ්‍ය වූ විට ලබා දුන් වාහනවලට අමාත්‍යංශයෙන් ගිණුම් ලිපිකරුගේ දැනුම්දීම අනුව වසර 05 පුරා නිකුත් කළ ඉන්ධනවලට වැය වූ මුදල දළ වශයෙන් ගණන් හදා බැලුවොත් මේ මුදල මාස 56කට ලබා දී ඇත්තේ.

විමල්ගේ පවුලේ මාසික වියදම රු, 26,000යි

“එහෙමනම් මාසයකට වැය වූ මුදල දෙලක්‍ෂ දහනවදාහක් පමණ වෙනවා. දිනකට ගත්තොත් රුපියල් 7.000ක් පමණ. ඇමතිවරයා එක සතියකදී යාපනයට ගියානම්, මේ ඉන්ධන වියදම මේ ආකාරයෙන් පවත්වා ගෙන යාමට නම් අනෙක් දින 06 පාර්ලිමේන්තු, කැබිනට් මණ්ඩලයට පවා නොගිහින් ඉන්න ඕනෙ. එවැනි ඉතා විහිළුකාරී චෝදනා සහිත හදිස්සියේ ගොනු කළ නඩුවක් තමයි දැන් අප ඉදිරියේ තිබෙන්නේ. අධිකරණය කෙරෙහි මාගේ වන ගෞරවය ඒ විදිහටම තබා ගෙන තමයි මේ කරුණු පැහැදිලි කිරීම කරන්නේ.“ යැයිද කපිල ගමගේ මහතා ප්‍රකාශ කළේය.

“දැන් මේ අය අහලා තියෙන තවත් එක් ප්‍රශ්නයක් තමයි 2012 අගෝස්තුවේ සිට 2014 දෙසැම්බර් 31 වන තෙක් පවුලේ ජීවන වියදම වෙනුවෙන් වැය කළ රුපියල් හත්ලක්‍ෂ පනස්දහස උපයා ගත්තේ කොහොමද කියලා. අපි ගණන් හදලා බැලුවා ‘විමල් වීරවංශ මහතා පවුලේ ජීවන වියදම වෙනුවෙන් මාසයකට රුපියල් කීයක් යොදවලා තිබෙනවාද? කියා. ගණන රුපියල් විසිහයදහසයි. මාසිකව රුපියල් 65,000ක දීමනාවක් හිමි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගෙන් මෙතැනදී අහනවා, මාසිකව රුපියල් 26.000ක් උපයා ගත්තේ කොහොමද, කියා. මෙවැනි විහිළු චෝදනා සහිත නඩු ගොනු වෙන්නේ විමල් වීරවංශ මහතා රට වෙනුවෙන් මේ ආණ්ඩුවට එරෙහිව ගෙන යන සටන නිසා බව අමුතුවෙන් කිව යුතු නැහැ.” යැයිද ඔහු වැඩිදුරටත් පැවසී ය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විමල්ගේ පවුලේ මාසික ජීවන වියදම රුපියල් 26,000යි.
විමල්ගේ පවුලේ මාසික ජීවන වියදම රුපියල් 26,000යි.
http://ift.tt/2nr9clU
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/26000.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/26000.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy