රථවාහන වැරදි පහක් සඳහා රුපියල් විසිපන්දහසක දඩයක් අයකිරීම තවදුරටත් ප්‍රමාද වී ඇත්තේ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව ඊට අදාළ නීතිමය රාමුවන් මේ...
රථවාහන වැරදි පහක් සඳහා රුපියල් විසිපන්දහසක දඩයක් අයකිරීම තවදුරටත් ප්‍රමාද වී ඇත්තේ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව ඊට අදාළ නීතිමය රාමුවන් මේ වනතෙක් දැනුම් දී නොමැති නිසා බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති සිසිර කෝදාගොඩ මහතා පවසයි.
මෙම දඩ මුදල අය කිරීම පිළිබඳව අවශ්‍ය සියලුම ක්‍රියා පිළිවෙත් සකස් කර එය මීට මාස දෙකකට පෙර නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යොමු කළ බවද එම දෙපාර්තමේන්තුවෙන් මේ පිළිබඳව කිහිප විටකදීම ඉල්ලීම් කළත් නිසි ප්‍රතිචාර නොලැබුණු බවද හෙතෙම පෙන්වා දුන්නේය.
සිසිර කෝදාගොඩ මහතා සඳහන් කළේ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවෙන් මීට අදාළ අවසරය ලද විගස මෙම දඩ මුදල් අය කිරීම ගැසට් මගින් ප්‍රකාශයට පත්කරන බවයි.
බිමතින් රිය පැදවීම, රියැදුරු බලපත්‍රය, රක්ෂණ සහතිකය හා ආදායම් බලපත්‍රය නොමැතිව රිය ධාවනය, අවුරුදු දහඅටට අඩු පුද්ගලයන් සඳහා රිය පැදවීමට අවසර දීම සහ දුම්රිය හරස් මාර්ගයක් හරහා අපරික්ෂාකාරී ලෙස වාහනය ධාවනය කරවීම යන වැරදි සඳහා මෙම විසිපන්දහසේ දඩ මුදල අයකිරීමට නියමිතය.
COMMENTS