උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය කන්දයියා සර්වේස්වරන් මහතා විසින් පසුගියදා වවුනියාව ඉරට්ට්ටපෙරියකුලම පැරකුම් විද්‍යාලයේදී ජාතික ධජය එසවීම ප්‍ර...
උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය කන්දයියා සර්වේස්වරන් මහතා විසින් පසුගියදා වවුනියාව ඉරට්ට්ටපෙරියකුලම පැරකුම් විද්‍යාලයේදී ජාතික ධජය එසවීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් උතුරු පළාත් අණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා විසින් අද (20) යාපනයේ පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වන ලදී.
එහිදී උතුරු ආණ්ඩුකාරවරයා විසින් මෙසේ අදහස් දැක්වීය.
“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව ඔහු හැසිරුණේය.ඒ නිසා ඔහු පිළිබඳව යම්කිසි විනය ක්‍රියා මාර්ගයක් ගත යුතුය.ඇතැම් අවස්ථාවලදී කියලා තියෙනවා ඔහු අමාත්‍ය ධූරයෙන් නෙරපා දැමිය යුතුය කියලා.මේ වගේ මත ප්‍රකාශ වෙනවා.මේ පිළිබඳව මා විසින් ගනු ලබන ක්‍රියා මාර්ගය පිළිබඳව දැනුවත් කිරීමටයි මේ සාකච්ජාව.පළමුවෙන්ම මේ සිදුවීම පිළිබඳ සියලු එකතු කරගත් කරුණු මම නීතිපතිවරයාට යොමු කරනවා.ඒ කියන්නේ එම වීඩියෝ දර්ශන, පුවත්පත් ප්‍රකාශ, ඊට පස්සේ එතුමා විසින්ම කරන ලද ප්‍රවෘත්ති සාකච්ජාවේ තොරතුරු මේ සියල්ල එතුමා වෙත යොමු කරහම නීතිපතිතුමා විසින් දෙන උපදෙස්වලට අනුව තමයි ඊළඟ ක්‍රියා මාර්ගය ගන්න මට සිද්ධ වෙන්නේ.”
“මන් එහෙම කරන්නේ දැන් මෙම ක්‍රියාමාර්ග ගැනීම එතැනින්ම අවසාන වෙන්නේ නැහැ.ඊට එරෙහිව නොයෙකුත් නෛතික ක්‍රියා මාර්ග තවත් සිදු වෙන්නට පුළුවන්.එතකොට ඒ නෛතික ක්‍රියා මාර්ග වලදී ශක්තිමත්ව එයට මුහුණ දීමට, නැත්තම් අපි ගත්තා වූ තීන්දුව පිළිබඳ ඉතාමත්ම නිත්‍යානුකූල ස්වරූපය ශක්තිමත්ව තිබෙන්නට අවශ්‍ය නිසා තමයි නීතිපති උපදෙස් මම ලබා ගන්නේ.ඒ නිසා මේ සිදුවීම තුල දෙන යම්කිසි ඉදිරියේදී ඇතිවන නඩුවකින් ඇතිවන තීන්දුවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විතරක් නෙවෙයි, අනිකුත් පළාත් සභා සියල්ලටමත් ඒ වගේම පළාත් සභා ඇමතිවරුන් සම්බන්ධයෙනුත්, ජාතික කොඩිය සම්බන්ධයෙනුත් ඉතාම තීරණාත්මක තීන්දුවක් වෙන්න ඉඩ තියෙනවා.ඒ නිසා මම අද දිනය ඇතුළත එතුමාගෙන් එම නීති උපදෙස් ලබා ගෙන ඉදිරියට කටයුතු කරනවා.”එහිදී ආණ්ඩුකාරවරයා මෙසේද වැඩිදුරටත් අදහස් දැක්වීය.
COMMENTS