ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර විශ්වවිද්‍යාලයක සේවය කරමින් සිටියදි ත්‍රස්තවාදී චෝදනා මත එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික තරුණ...
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර විශ්වවිද්‍යාලයක සේවය කරමින් සිටියදි ත්‍රස්තවාදී චෝදනා මත එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික තරුණයා ඇප මත නිදහස් කර ඇති බව පවුලේ ඥාතීහු ප්‍රකාශ කළහ.
අධ්‍යාපන වීසා මත ඔස්ට්‍රේලියාවේ රැදී සිටින මෙම ශ්‍රී ලාංකික තරුණයා ත්‍රස්තවාදි කටයුතු සම්බන්ධ චෝදනාව යටතේ එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය මස (30) දිනයේදීයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 25 හැවිරිදි මොහොමඩ් නිසාම්දීන් නැමැති තරුණයායි.
ඔස්ට්‍රේලියානු මාධ්‍ය අනාවරණය කළේ ත්‍රස්ත ප්‍රහාර සඳහා සැලසුම් ඇතුළත් බවට සැකකෙරෙන ලිපිගොනු ඔහු සතුව තිබියදී සොයාගෙන ඇති බවයි.
නිව් සවුත්වෙල්ස් විශ්වවිද්‍යාලයේ කොන්ත්‍රාත් පදනම මත සේවය කර ඇති ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ එම විශ්වවිද්‍යාලයේ සේවකයෙකුගෙන්ම ලැබුණු තොරතුරක් මතයි.
සිඩ්නි නගරයේ වැදගත් ස්ථාන කිහිපයක් පිළිබඳ ප්‍රහාර එල්ල කිරිම සඳහා වන සැලසුම් සහිත සටහන් ඔහුගේ දින පොත් කිහිපයක තිබුණද, සැකකරු ත්‍රස්ත සංවිධානයකට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී නොමැති බව එරට පොලීසිය පැවසීය.
ඒ අනුව විශේෂ වරෙන්තුවක් මත පසු ගිය 31වනදා අලුයම මෙම තරුණයා රැදි සිටි ස්ථානය සොදිසි කිරීමේදි විද්‍යුත් උපාංග කිහිපයක්ද ඕස්ට්‍රේලියානු පොලිස් භාරයට ගෙන තිබේ.
ත්‍රස්ත පනතට අදාළ වැරදි සම්බන්ධයෙන් මෙම ශ්‍රී ලාංකික තරුණයාට එරෙහිව චෝදනා ගොනුකර තිබූ අතර ඔහුට ඇපදීම මීට පෙර එරට අධිකරණය ප්‍රතික්ෂේප කර තිබිණි.
COMMENTS