වත්මන් ආණ්ඩුව රාජපක්ෂ ආණ්ඩුවටත් වඩා රට විනාශය කරා ගෙන යන බව දුෂණ විරෝධී පෙරමුණ චෝදනා කරයි. එහි සභාපති පුජ්‍ය උලපනේ සුමංගල හිමියන් ඊයේ පස...
වත්මන් ආණ්ඩුව රාජපක්ෂ ආණ්ඩුවටත් වඩා රට විනාශය කරා ගෙන යන බව දුෂණ විරෝධී පෙරමුණ චෝදනා කරයි.
එහි සභාපති පුජ්‍ය උලපනේ සුමංගල හිමියන් ඊයේ පස්වරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ජාවකදී මේ බව සඳහන් කළේය.
එහිදී උන්වහන්සේ මෙසේ අදහස් දැක්වීය.
“වර්තමාන ආණ්ඩුව මේ දූෂිත ක්‍රමවේදයටම එදා රාජපක්ෂ පාලන ක්‍රමයටත් වඩා ඉක්මනින් ගමන් කරමින් තිබෙන බව ඉතාමත්ම පැහැදිලි වන කාරණාවක්.ලබා දී ජන වරම අහලකටවත් එන්න ගෙවුණු අවුරුදු තුන තුළදී පුළුවන්කමක් ලැබිලා නැහැ.හිටපු ජනාධිපතිවරයාගේ සමීපතමයෙක් වෙච්ච ගාමිණී සෙනරත් ඇතුළු කණ්ඩායමක් අත්අඩංගුවට ගත්තා.ඔවුන් සැගව සිටියේ කොහේද?ඔවුන්ට ආරක්ෂාව දුන්නේ කොහේද කියන කාරණාව පිළිබඳව බරපතල ගැටළුවක් ඇති වෙනවා වගේම විවිධ තොරතුරු ඒ වෙනුවෙන් හෙළිදරව් වෙමින් පවතිනවා.රජයේ මැතිවරුන් දෙදෙනෙක් ඍජුව සම්බන්ධ වුණ බවට කතා පැතිරෙමින් පවතිනවා.උත්සහයක් ගන්නවා ඊට අදාළ වෙච්ච FCID එකේ නිළධාරීන් පුටු එහෙට මෙහෙට කරලා, තනතුරු මාරු කරලා, පොලීසිය පිට පටවලා සිදු වෙච්ච් වැරදි වලින් මුවා වෙන්න.FCID එක බල රහිත කිරීමේ වෑයමක රටේ ඉහළ පෙළේ දේශපාලන හස්තයන් කිහිපයක් ක්‍රියාත්මක වන බවට දුෂණ විරෝධී පෙරමුණ හැටියට අපිට තොරතුරු ලැබෙමින් පවතිනවා.”
COMMENTS