ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ විමර්ශනය සඳහා පත් කළ ...
ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ විමර්ශනය සඳහා පත් කළ ජනාධිපති කොමිසම වෙත මේවන විට පැමිණ තිබේ.
අගමැතිවරයා කැඳවිය යුතු බවට කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතා විසින් පසුගිය 02 වැනිදා කොමිසම හමුවේ කළ විශේෂ ප්‍රකාශයක් අනුව අගමැතිවරයා අද කොමිසම හමුවේ සාක්‍ෂි දීමට කැඳවා ඇත.
අගමැතිගේ සහයට එජාප මන්ත්‍රීවරු එයි
අගමැතිවරයාගේ පැමිණීමත් සමග එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 32ක් ඇතුලු තවත් මන්ත්‍රීවරුන් පිරිසක් එම පරිශ්‍රයට පැමිණි බව වාර්තා වේ.
මේ අතර බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනපති කොමිෂන් සභා පරිශ්‍රයට දැඩි ආරක්ෂාවක් යොදවා ඇති අතර ඒ සඳහා පොලීසියට අමතරය පොලිස් විශේෂ කාර්ය බලකායද කැඳවා තිබෙන බව වාර්තා වේ.
එම කොමිසමේ කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුවද රිෂාඩ් බදියුදීන්, හරීන් ප්‍රනාන්දු ඇමැතිවරුන්ද ආංශු මාරසිංහ සහ හෙක්ටර් අප්පුහාමි යන එජාප මන්ත්‍රීවරුන්ද පැමිණි තිබේ.
එජාප පාක්ෂිකයින් සුළු පිරිසක්ද පැමිණ ඇතැයිද වාර්තා වේ.
මේවන විටත් බැඳුම්කර කොමිසමේ කටයුතු සිදු වෙනමින් පවතින බව වාර්තා වේ.
COMMENTS