ජී.එස්.පී. ප්ලස් යළි ලබා දීමෙන් සහ යුරෝපා වෙළඳපොලට මත්ස්‍ය අපනයනය කිරීමේ අවස්ථාව යළි ලබා දීමෙන් පසුව ශ්‍රී ලංකාවේ ප්‍රගතිය විමසා බැලීම...
ජී.එස්.පී. ප්ලස් යළි ලබා දීමෙන් සහ යුරෝපා වෙළඳපොලට මත්ස්‍ය අපනයනය කිරීමේ අවස්ථාව යළි ලබා දීමෙන් පසුව ශ්‍රී ලංකාවේ ප්‍රගතිය විමසා බැලීම මෙම යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංචාරයෙහි අරමුණ වී තිබේ.
එහිදී යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රී ජීන් ලැම්බර්ට් සිහිපත් කර තිබුණේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්ත විරෝධී පනත බලාත්මක කරන බවට ශ්‍රී ලංකාව පසුගිය වසරේදී යුරෝපා සංගමය හමුවේ පොරොන්දු දුන් බවයි. මෙසේ දුන් පොරොන්දු ඉටු නොකිරීම ශ්‍රී ලංකාවට අවාසිසහගත විය හැකි බව පෙන්වා දුන් ඒ මහතා ප්‍රකාශ කළේ ජී.එස්.පී. ප්ලස් සහනය ලබා දීම වැනි කරුණු වලදී ද ශ්‍රී ලංකාව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්නේද යන්න පිළිබඳව යුරෝපා සංගමය ඉදිරියේදී සැලකිලිමත් වනු ඇති බවයි.
එසේම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තවමත් රඳවාගෙන සිටින සිරකරුවන් සම්බන්ධයෙන් ද කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු බවට එහිදී අවධාරණය කෙරිණි.
ශ්‍රී ලංකාව ආර්ථික හා දේශපාලනික වශයෙන් වර්ධනයක් අත් කරගෙන ඇති නමුත් ඇතැම් ක්ෂේත්‍ර සම්බන්ධයෙන් තමන් අපේක්ෂා කළ තරම් වේගවත්ව ඉදිරියට ගමන් කර නොමැති බව සමස්තයක් ලෙස යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රී පිරිස විසින් ප්‍රකාශ කරන ලදී.
- රංජිත් නිශාන්ත
COMMENTS