හම්බන්තොට සහකාර පොලිස් අධිකාරී තුශාර දළුවත්ත විසින් කළ පහරදීමෙන් මෙම තරුණයාගේ කණෙහි අභ්‍යන්තර ලේ වහනයක් සිදුව ඇති බව පැවසේ. විරෝධතාව...
හම්බන්තොට සහකාර පොලිස් අධිකාරී තුශාර දළුවත්ත විසින් කළ පහරදීමෙන් මෙම තරුණයාගේ කණෙහි අභ්‍යන්තර ලේ වහනයක් සිදුව ඇති බව පැවසේ.
විරෝධතාවයෙන් පසුව අත් අඩංගුවට පත් පිරිස සමඟම මෙම තුවාලලත් තරුණයාද පොලීසිය විසින් අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි. පසුව ඔහුව තංගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති අතර අද දහවල් වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට මාරු කර යවා තිබේ.
මෙම පහර දීම සම්බන්ධයෙන් නොයෙක් විමර්ශන සිදු කෙරෙන බව කීව ද පහර දුන් සහකාර පොලිස් අධිකාරීවරයාට එරෙහිව මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බව ද වාර්තා වේ.
ඡායාරූප - රාහුල් සමන්ත හෙට්ටිආරච්චි, හම්බන්තොට
COMMENTS