යාපනය වඩුක්කොඩ්ඩෙයි මාර්ගයේ නාවන්තුරෙයි ප්‍රදේශයේදී මාර්ගයේ කුණු කානුවක දමා ගොස් තිබූ යුද උපකරණ රැසක් අඩංගු පොහොර උරයක් ඊයේ (26) උදෑසන හමු...
යාපනය වඩුක්කොඩ්ඩෙයි මාර්ගයේ නාවන්තුරෙයි ප්‍රදේශයේදී මාර්ගයේ කුණු කානුවක දමා ගොස් තිබූ යුද උපකරණ රැසක් අඩංගු පොහොර උරයක් ඊයේ (26) උදෑසන හමු වී ඇති බවට යාපනය පොලීසීය කියා සිටියේය.
ජේ.85 නාවන්තුරෙයි උතුර ග්‍රාමසේවා වසමට අයත් මාර්ගයක කුණු කානුවකට අදාල ආයුධ පොහොර උරයක දමා ඊයේ අළුයම් කාලයේදී කිසියම් පිරිසක් විසින් දමා ගොස් තිබියදී ප්‍රදේශවාසියෙකු දැක ඒ පිළිබඳව පොලීසියට දැනුම් දීමෙන් පසුව අදාල යුද උපකරණ තොගය පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් ගොඩට ගෙන ඇත.
අදාල පොහොර උරයේ තිබී ටී.56 ගිනි අවි 10 ක් ,ටී.56 පතුරම් 300 ක්, මැගසින් 6ක්, ජී.පී.වර්ගයේ අත්බොම්බ 02ක්, දුම්බෝම්බ 02 ක්, ඇතුලු තවත් යුද උපකරණ තොගයක් හමු වී ඇත.
යාපනය දිස්ත්‍රීක්කයේ මේ වන විට පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ දිනයට යෙදී ඇති කොටි නායකයාගේ උපන් දිනයත් අදට යෙදී ඇති මහවිරු දිනයත් හේතුවෙන් විශේෂ ආරක්ෂිත සෝදිසි මෙහෙයුම් කිහිපයක් විසින් දියත් කරන අතර වරින් වර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම හේතුවෙන් ඇතම් කල්ලි විසින් එයට බිය වී මෙසේ ආයුධ ගෙනවිත් දමන්නට ඇති බවට යාපනය පොලසිය සැක පල කර සිටියි.
කෙසේ වෙතත් අදාල ගිනි අවි මෙතෙක් කාලයක් කවුරුන් ලග තිබුනේදැයි යන්න පිළිබඳවද විශේෂ පරික්ෂණයක් සිදු කිරීමටද යාපනය පොලීසිය විසින් පියවර ගෙන ඇත.
(වන්නි රොමේෂ් මධුෂංඛ)
COMMENTS