අනවසර හා අවිධිමත් ඉදිකිරීම් මගින් කොළඹට වූ හානිය සුළුපටු නොවන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ පුරපති අපේක්ෂිකා රෝසි සේනානායක මහත්මිය පැවසුවාය....
අනවසර හා අවිධිමත් ඉදිකිරීම් මගින් කොළඹට වූ හානිය සුළුපටු නොවන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ පුරපති අපේක්ෂිකා රෝසි සේනානායක මහත්මිය පැවසුවාය.
ඇය පෙන්වා දෙන්නේ රටක අග නගරයක් යනු, රටේ සුන්දරත්වය, යටිතල පහසුකම්, වැසියන්ගේ ජීවන තත්ත්වය ආදිය උසස් මට්ටමක පවත්වාගැනීම මගින් ජාත්‍යන්තරය ආකර්ෂණය කරගත හැකි පුරවරක් විය යුතු බවයි.
මේ සඳහා ජාත්‍යන්තර උපදෙස් හා අත්දැකීම් මගින් විසඳුම් ගෙනෙන්නට තමන් කටයුතු කරන බව රෝසි සේනානායක මහත්මිය සඳහන් කළාය.
ඇය මෙසේද පැවසී ය.
"අද කොළඹ නගරයේ අපරාධ, මත් ද්‍රව්‍ය හා පාතාලය මුළුමනින්ම කුළුගැන්වෙන්නේ මේ අසංවිධිත ඉදිකිරීම් තුලයි. ඒවායේ වටපිටාව අවශ්‍ය සාපරාධි කාර්යයන්ට අවශ්‍ය පරිසරය ඇතිකර දෙනවා.මගේ බලාපොරොත්තුව වන්නේ මෙම අසංවිධිත ඉදිකිරීම්වල වාසය කරන කාන්තාවන් හා දරුවන්ගේ ජීවන තත්ත්වයන් නගාසිටුවීම මගින් ඔවුන් දූෂණ, අපරාධ ආදියෙන් මිදෙන්නට අවශ්‍ය වටපිටාව සැකසීමයි. ඒ සඳහා මැලේසියානු තානාපතිනියව හුන් සමයේ උකහා ගත් දැනුම හා අත්දැකීම් භාවිතා කරන්නට බලාපොරොත්තු වනවා.
උසස් ජීවන තත්ත්වයක්, යහපත් ළමා වියක්, කාන්තා අයිතිවාසිකම් සපිරි වටපිටාවක් මෙම අසංවිධිත කලාපයන්හි ස්ථාපිත කරන්නට හැකිනම් යහපත් ජන සමාජයකට මෙම පිරිස ඉබේටම ගමන් කරනු ඇති." යැයිද ඇය වැඩිදුරටත් පැවසී ය.
COMMENTS