දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනාධිපති කීවේ බොරු.. මීලග ජනාධිපතිට බලයක් නැතැයි කීම කෙප්පයක්.. මා සමග ප‍්‍රසිද්ධ විවාදයකට එන්න - ගම්මන්පිල අභියෝග කරයි
Homeප්‍රවෘත්ති

ජනාධිපති කීවේ බොරු.. මීලග ජනාධිපතිට බලයක් නැතැයි කීම කෙප්පයක්.. මා සමග ප‍්‍රසිද්ධ විවාදයකට එන්න - ගම්මන්පිල අභියෝග කරයි

PropellerAds

බො රැල්ල එන්.එම්. පෙරේරා මධ්‍යස්ථානයේ පැවැති විපක්ෂයේ මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය. ...

මීටපස්සේ ආණ්ඩුවට සෙල්ලම් බෑ! ඊළඟ පාර්ලිමේන්තුවේ සිට 85ක විපක්ෂයක්!
අරගලකරුවන්ට පහර දෙන්න ආ සියළු හමුදා සෙබළුන් කුඩු ගහලා හිටියේ - පාහියන්ගල හිමි (VIDEO)
රනිල් ජනාධිපති වෙන්න ඡන්ද ගන්න මන්ත‍්‍රීවරුන්ට කෝටි 10 ගානේ බෙදුවා - රාජිත සේනාරත්නගෙන් හෙළිදරව්වක් (VIDEO)
බොරැල්ල එන්.එම්. පෙරේරා මධ්‍යස්ථානයේ පැවැති විපක්ෂයේ මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

අනාගත ජනාධිපතිවරයා විලියම් ගොපල්ලව මැතිතුමා වගේ නාමමාත්‍ර ජනාධිපතිවරයෙකු පමණයි ඔහුට කිසිම බලයක් නෑ කියලා පසුගිය මාස තුනේ මාධ්‍ය හරහා විවිධ අය මත පල කළා.
ජනාධිපතිවරයාට කිසිම අමාත්‍යාංශයක් රඳවා ගන්න බෑ කියලාත් මේ අය කියලා ලියලා තිබුණා. අපි ඒක එතරම් ගණන් ගත්තේ නෑ. නමුත් පසුගිය දා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාත් ඒ ප්‍රකාශයම කර තිබුණා. ඒ නිසා මේ පිළිබඳ ඇත්ත රටට හෙලි කළ යුතුයි.

ජනාධිපතිවරයාට තමන් කැමැති අමාත්‍යාංශ ගණනක් රඳවා ගන්න පුළුවන් බවටත් වෙනත් කිසිම අමාත්‍යාංශයකට පවරා නැති විෂයන් සහ ආයතන ජනාධිපතිට අයිති බවටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වන වගන්තියේ සඳහන් වුණා. 19 වන සංශෝධනයෙන් එම සඳහන ඉවත් කළා. ඔන්න ඔය නිසා තමයි අනාගත ජනාධිපතිට බලතල නෑ කියා කියන්නේ. ඇත්තෙන්ම ඒක වැරදියි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(ආ) වගන්තිය අපි දැන් කියවමු. “රටේ ආරක්ෂාව ඇතුළුව ජනතාවගේ විධායක බලය ජනතාව විසින් තෝරා පත් කර ගනු ලබන ජනරජයේ ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කළ යුත්තේය”. මේ වගන්තිය ජනතාවගේ පරමාධිපත්‍ය සමග සෘජුවම ගැට ගැහිලා තිබෙන නිසා මේක වෙනස් කරන්න පුළුවන් ජනමත විචාරණයක දී ජනතාව අනුමැතිය දුන්නොත් පමණයි කියලා ශ්‍රේෂ්ඨාධිකරණය අවස්ථා ගණනාවක දී තීරණය කර තිබෙනවා.

මේ වගන්තිය අනුව ජනතාව තමන්ගේ විධායක බලය සම්පූරණයෙන් භාර දෙන්නේ ජනාධිපතිටයි. ජනාධිපතිට ඒක ඇමතිවරුන්ට පවරන්න පුළුවන්. කාට හරි පැවරුවේ නැතිනම් ඒ බලය තිබෙන්නේ ජනාධිපතිටයි. ඒ නිසා ජනාධිපති විසින් වෙනත් ඇමතිවරයෙකුට පවරන්නේ නැති සියළුම විෂයන් අයිති වන්නේ ජනාධිපතිටයි. ජනාධිපතිට මේ බලය ලැබුණේ 4 වගන්තියෙන්. 44 වගන්තියෙන් කලේ ඒ බලය විස්තර කිරීමක් පමණයි. 19 වන සංශෝධනයේ පියවරු 44 වගන්තිය වෙනස් කළත් 4 වගන්තියට අත තිබ්බේ නෑ. ඒ නිසා ජනාධිපතිට අමාත්‍යාංශ තබා ගැනීමේ හැකියාව අංශුමාත්‍රයකින් වත් වෙනස් වුණේ නෑ.

අනාගත ජනාධිපතිට ආරක්ෂක අමාත්‍යාංශය වත් තබා ගන්න බෑ කියලා සිරිසේන ජනාධිපතිතුමා පක්ෂ සම්මේලනයේ දී ප්‍රකාශ කළා. කවුරු හරි එතුමන්ව නොමග යවලා. 4 වන වගන්තියේ විධිවිධාන නිසා වෙනත් කිසිම ඇමතිවරයෙකුට ආරක්ෂක අමාත්‍යාංශය පවරන්න ජනාධිපතිට බෑ හෙම කළොත් එය ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් කියලා 2003 දී ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා. ඒ අනුව තමයි 2003 වසරේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිතුමිය එවකට තිලක් මාරපන අමාත්‍යවරයාට භාරදී තිබූ ආරක්ෂක අමාත්‍යාංශය නැවත තමන්ට පවරා ගැනීමට කටයුතු කළේ. ඒ තීන්දුව අදටත් වලංගුයි.

ඒ නිසා අනාගත ජනාධිපතිතුමා ආරක්ෂක අමාත්‍යාංශය අනිවාර්යෙන් තමන් ළඟ තබා ගත යුතුයි. වෙන කෙනෙකුට දෙන්න ගියොත් එයම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් වෙනවා. දෝෂාභියෝගයක් ගෙන ඒමට පදනම් කාරණයක් බවට පත්වෙනවා. ඊට අමතරව තමන් කැමති අමාත්‍යංශ ගනණක් තමන්ට රඳවා ගැනීමේ බලය තිබෙනවා. මොකද ජනතාව බලය දෙන්නේ ජනාධිපතිට මිසක් වෙනත් කිසිවෙකුට නොවෙයි.

මේ පිළිබඳව වෙනත් මත පතුරුවමින් ජනාධිපතිවරණයක් පැවැත්වීම අනවශ්‍යයයි මතය හදන්න හදන පිරිස් වලට පාළු ගෙවල් වල වළං බිඳින්නේ නැතුව මා සමග ප්‍රසිද්ධ විවාදයකට එන්න කියලා අභියෝග කරනවා. එහෙම විවාදයක් කලොත් ඇත්ත මොකද්ද කියන එක ජනතාවට දැන ගන්න පුළුවන්.

– අරවින්ද අතුකෝරල


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනාධිපති කීවේ බොරු.. මීලග ජනාධිපතිට බලයක් නැතැයි කීම කෙප්පයක්.. මා සමග ප‍්‍රසිද්ධ විවාදයකට එන්න - ගම්මන්පිල අභියෝග කරයි
ජනාධිපති කීවේ බොරු.. මීලග ජනාධිපතිට බලයක් නැතැයි කීම කෙප්පයක්.. මා සමග ප‍්‍රසිද්ධ විවාදයකට එන්න - ගම්මන්පිල අභියෝග කරයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEilWoQJO1csAPepFwj4LjmXXgakqow74thPrzlfBPzWtcPC68aVLznGRFgegse3loz9jJEAbblwQQs7Q9p2ZrZZ0d3GN7-K4JHls4tgllOhoWCEjAI0WjDlG11k4jHVHAtXiNM8zkYzbbvJ/s320/bed272e4.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEilWoQJO1csAPepFwj4LjmXXgakqow74thPrzlfBPzWtcPC68aVLznGRFgegse3loz9jJEAbblwQQs7Q9p2ZrZZ0d3GN7-K4JHls4tgllOhoWCEjAI0WjDlG11k4jHVHAtXiNM8zkYzbbvJ/s72-c/bed272e4.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/09/blog-post_99.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/09/blog-post_99.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy