විෂ ශරීරගත වූ විට එය කුමන සර්ප විශේෂයකදැයි හදුනා ගැනීම සදහා මේ දක්වා ක්‍රමවේදයක් නොතිබුණු නමුත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ජෛව...
විෂ ශරීරගත වූ විට එය කුමන සර්ප විශේෂයකදැයි හදුනා ගැනීම සදහා මේ දක්වා ක්‍රමවේදයක් නොතිබුණු නමුත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ජෛව රසායන දෙපාර්තමේන්තුවේ කථිකාචාර්ය ආචාර්ය කළණ මාදූවගේ මහතා, ඕස්ට්‍රේලියාවේ නිව්කාසල් විශ්ව විද්‍යාලයේ විෂ පිළිබද අධ්‍යයන අංශය හා එක්ව මෙම නව පර්යේෂණය දියත් කොට තිබේ.
රෝගියෙකු බාහිරව පරීක්ෂා කොට ශරීරගත වූ සර්ප විෂ කුමක්දැයි හදුනා ගැනීමක් මේ දක්වා ලොව කිසිදු රටක තිබුණේ නැහැ. ඕස්ට්‍රේලියාවේ නිව් කාසල් විශ්ව විද්‍යාලයේ විෂ පිළිබද අධ්‍යයන අංශය හා සිදුකළ පර්යේෂණ තුළින් නව ප්‍රතිකාර ක්‍රමය හෙළි කිරීමට සමත්වුණා. මූලික පරීක්ෂණ වලදී මෙම පරීක්ෂණ ක්‍රමය සාර්ථක යැයි තහවුරු වුණා. ඒ අනුව රෝහල් ගත කළ රෝගියෙකුගේ අවයව පරික්ෂා කිරීම තුළීන් ප්‍රතිකාර කිරීමේ නව ක්‍රමයේදය ඉදිරියේදි රෝහල්වලට හදුන්වා දිය හැකියි.
ශ්‍රී ලංකාවේ සර්ප විශේෂයන් 105 ක් ජීවත්වන අතර ඉන් උග්‍ර විෂ සහිත සර්ප විශේෂ 15 ක් ජීවත්වන්නෙ මුහුදු තීරයේයි. එම සර්පයන් උග්‍ර විෂ වුවත් වෛද්‍ය විද්‍යාත්මක වශයෙන් අපට වැදගත් නොවන්නේ එම සර්ප දෂ්ඨන හේතුවෙන් රෝහල්ගත වීම් ඉතා විරල නිසයි. ගොඩබිම ජීවත්වන සර්පයන් අතර තෙල් කරවලා, මුතු කරවලා, තිත් පොළගා, නාගයා සහ කුණකටුවා වැනි සතුන් උග්‍ර විෂ සර්පයන් වේ. මුතු කරවලා උග්‍ර විෂ සහිත වුවත් ශ්‍රී ලංකාවේ වැඩි වශයෙන් කුණකටුවන් දෂ්ඨ කිරීම වාර්තාවන බැවින් මුතුකරවලාට සාපේක්ෂව කුණකටුවා වෛද්‍ය විද්‍යාත්මක වශයෙන් අපට වැදගත් වේ.
ලොව උග්‍ර විෂ සහිත සර්පයන් දස දෙනා ඕස්ට්‍රේලියාවේ ජීවත්වන අතර සර්ප විෂ සදහා ඕස්ට්‍රේලියාව වඩා වැදගත් රටක් වන බවත් ඒ මහතා කීවේය. වාර්ෂිකව ඕස්ට්‍රේලියාවේ සර්ප දෂ්ඨන තුන්දහසක් පමණ සිදුවුවත් ඉතා උසස් ප්‍රතිකාර ක්‍රම, ප්‍රවාහන පහසුකම් හා වෛද්‍ය පහසුකම් හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව දෙකක් පමණ වන බව ද ආචාර්ය කළණ මාදූවගේ මහතා වැඩිදුරටත් කීවේය.
නුවර නදීක දයා බණ්ඩාර
COMMENTS