විධායක ජනාධිපති ධුරය මෙන්ම මැතිවරණ ක්‍රමය යන දෙකම වෙනස් විය යුතු බවට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ. ඒ අනුව නව ආණ්‌ඩුක්‍රම ව්‍යාවස්‌ථා...
විධායක ජනාධිපති ධුරය මෙන්ම මැතිවරණ ක්‍රමය යන දෙකම වෙනස් විය යුතු බවට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.
ඒ අනුව නව ආණ්‌ඩුක්‍රම ව්‍යාවස්‌ථාව සම්පාදනය කිරීමේදී විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට ශ්‍රීලනිපය එකඟ නොවන්නේ නම් මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ යෝජනාවට එකඟ නොවීමට එජාපය තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.
එසේ නොමැතිව විධායක ජනාධිපති ධුරය තබාගෙන මැතිවරණ ක්‍රමය පමණක් වෙනස් කිරීමේ යෝජනාවට තමන් එකඟ නොවන බවද එජාපය සඳහන් කර තිබේ.
පසුගිය මැතිවරණවලදී ජනාධිපතිවරයා මෙන්ම එජාපයත්, සිවිල් සංවිධාන සහ ජනාධිපතිවරයාට පක්‍ෂව සිටි අනෙක් පක්‍ෂත් පොරොන්දු වූයේ විධායක ජනාධිපති ධුරය වෙනස් කිරීමට බවත් ඒ නිසා ශ්‍රීලනිපයට දැන් එම තීරණය වෙනස් කිරීමට අයිතියක් නැති බවත් එජාපය පෙන්වා දී තිබේ.
COMMENTS