ලෝක වෙළෙඳපොළේ පොල්තෙල් මිල ඉහළ යෑමෙන් මෙරට පොල්තෙල් ආනයනය ඇනහිට ඇතැයි වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසයි. පොල්තෙල් ආයතනයේදී මෙට්‍රික් ටොන් එකක් ස...
ලෝක වෙළෙඳපොළේ පොල්තෙල් මිල ඉහළ යෑමෙන් මෙරට පොල්තෙල් ආනයනය ඇනහිට ඇතැයි වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසයි.
පොල්තෙල් ආයතනයේදී මෙට්‍රික් ටොන් එකක් සඳහා මෙතෙක් පැවැති රුපියල් එක්ලක්ෂ හතළිස් පන්දහසක ආනයන බද්ද මෙවර අයවැයෙන් රුපියල් එක්ලක්ෂ දසදහස දක්වා අඩුකර ඇතත්, ලෝක වෙළෙඳ පොළේ මිල ඉහළ යෑම හේතුවෙන් පොල් තෙල් ආනයනය නතර කර ඇතැයි පොල්තෙල් ආනයනකරුවෝ අනාවරණය කරයි.
ලෝක වෙළෙඳ පොළේ ඇමෙරිකන් ඩොලර් 800ට - 1000ට තිබූ පොල්තෙල් මෙට්‍රික් ටොන් එකක මිල මේ වනවිට ඩොලර් 1730 දක්වා ඉහළ ගොස් ඇතැයිද මෙම මිලට ආනයනය කරන පොල්තෙල් කිලෝවක තොග මිල රුපියල් 386.42 ක් පමණ වන බවද පොල්තෙල් ආනයනකරුවෝ ප්‍රකාශ කරති.
COMMENTS