සුළු සිදුවීමක් පදනම් කොට ගෙන ගාල්ල ගිංතොට ප්‍රදේශයේ පසුගිය දා ඇති වූ කලහකාරි තත්ත්වය පාලනය කොට යළි ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරිමට පියව...
සුළු සිදුවීමක් පදනම් කොට ගෙන ගාල්ල ගිංතොට ප්‍රදේශයේ පසුගිය දා ඇති වූ කලහකාරි තත්ත්වය පාලනය කොට යළි ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරිමට පියවර ගන්නා බවටත්, ගම පෙර පැවති තත්ත්වයට පත්ව භේදබින්නතා ඉවත් වන තෙක් ආරක්ෂාව පවත්වාගෙන යන බවට නීතිය හා සාමය දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ඊයේ(18) ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
මේ අවස්ථාව සඳහා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ඉඩම් සංවර්ධන අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ද එක්ව සිටියහ.
කටකතාවලට, සමාජ මාධ්‍ය හා වෙබ් අඩවිවල පලවන පුවත්වලට නොරැවටෙන ලෙස මෙහිදී ස්වදේශ කටයුතු අමාත්‍යවරයා මහජනතාවට දන්වා සිටියේය.
ගාල්ල - ගිංතොට ප්‍රදේශයේ කලහකාරී තත්ත්වය හේතුවෙන් හානී වූ සියලු දේපල සඳහා රජය මඟින් වන්දි ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසී ය.
ගාල්ල දිස්ත්‍රික් ලේකම් එස්. ටී. කොඩිකාර මහතා, පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා ඇතුළු ආරක්ෂක අංශ පිරිස් රැසක් ද මේ සඳහා එක්ව සිටියහ.
COMMENTS