පළාත් පළාන ආයතනවල සීමාවන් සහ සභික සංඛ්‍යාව නිර්ණය පිළිබඳ ගැසට් නිවේදනයට එරෙහිව නිකුත් කළ අතුරු තහනම් නියෝගය නිශ්ප්‍රභ කරන්නැයි නීතීපතිවරයා...
පළාත් පළාන ආයතනවල සීමාවන් සහ සභික සංඛ්‍යාව නිර්ණය පිළිබඳ ගැසට් නිවේදනයට එරෙහිව නිකුත් කළ අතුරු තහනම් නියෝගය නිශ්ප්‍රභ කරන්නැයි නීතීපතිවරයා මෝසමක් මඟින් අභියාචනාධිකරණයෙන් අද (27) ඉල්ලීමක් කළේය.
පළාත් පළාන ආයතනවල මැතිවරණය පැවැත්වීමට සහ ජනතාවගේ සර්ව ජන ඡන්ද බලයට හානියක් වන බැවින් නීතීපතිවරයා මෙම ඉල්ලීම කර තිබේ.
මෙය හදිසි කටයුත්තක් වන බැවින් මේ සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීම සඳහා මෝසම ලබන 30 වැනිදා කැඳවන ලෙසද නීතීපතිවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
පළාත් පාලන ආයතන 06ක ඡන්ද දායකයින් පිරිසක් පළාත් පාලන අමාත්‍යවරයා සහ එම අමාත්‍යංශ ලේකම් වගඋත්තරකරුවන් කරමින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කොට ඇති අතර එම පෙත්සම සළකා බැලූ අධිකරණය ලබන දෙසැම්බර් මස 04 වැනිදා දක්වා බල පැවැත්වෙන අන්දමට අතුරු තහනම් නියෝගයක් නිකුත් කොට ඇත.
COMMENTS