කොළඹ කොටුව - ගල්කිස්ස දුම්රියට ගල් ගැසූ බව කියන සිව්දෙනකු ලබන 25 දක්වා රිමාන්ඩ් කිරීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (15) නියෝග...
කොළඹ කොටුව - ගල්කිස්ස දුම්රියට ගල් ගැසූ බව කියන සිව්දෙනකු ලබන 25 දක්වා රිමාන්ඩ් කිරීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (15) නියෝග කළාය.
ඒ අනුව එම්.එෆ්.එම්.සලීම්, එම්.කේ.එම්.රමීස්, එම්.එන්.එම්.ෆාරුක්, එස්.එච්.එම්.රෆීක් යන පුද්ගලයින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
කොල්ලුපිටිය පොලිසිය සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ.
දිගින් දිගටම දුම්රියට ගල් ගැසීම් වාර්තා වූ බවත් ඒ හේතුවෙන් මහජන කැළඹීමක් ඇතිවීම වැළැක්වීම සඳහා සහ එසේ ගල් වැදීමෙන් එක් අයකුට තුවාල සිදුව ඇතැයි දැනට වාර්තාවී තිබීම නිසාත් ඔවුන් රිමාන්ඩ් කිරීමට නියෝග කරන බව විනිසුරුවරිය සඳහන් කළාය.
COMMENTS