බැඳුම්කර කොමිසමේ නියෝගය අනුව රහස් පොලිසියෙන් සිදු කළ පරික්ෂනයේදී ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දුරකථන සංවාද පටිගත කර ඇති බවට සිදු කෙර...
බැඳුම්කර කොමිසමේ නියෝගය අනුව රහස් පොලිසියෙන් සිදු කළ පරික්ෂනයේදී ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දුරකථන සංවාද පටිගත කර ඇති බවට සිදු කෙරෙන ප්‍රකාශ සම්පුර්ණයෙන්ම අසත්‍ය බව බැඳුම්කර කොමිසම පවසා ඇත.
පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර ඇති වූ දුරකථන සංවාද පිළිබඳව මේ වන විට කතා බහට ලක්වෙමින් ඇත.
එහෙත් එම දුරකථන සංවාද අර්ජුන් ඇලෝසියස්ගේ ජංගම දුරකතනයෙන් ලබා ගත් දත්ත මත පමණක් හෙළි වූ ඒවා බව බැඳුම්කර කොමිසම සඳහන් කළේය.
එසේ නොමැතිව කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ හෝ වෙනත් පුද්ගලයෙකුගේ දුරකථන ඇමතුම් පටිගත නොකළ බවද එම කොමිසම අවධාරණය කළහ.
COMMENTS