පවතින කාලගුණ තත්ත්වයේ සුළු වෙනසක් හෙට (01) සිටබලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. හෙට සිට දිවයිනේ බොහෝ ප්‍රදේශ...
පවතින කාලගුණ තත්ත්වයේ සුළු වෙනසක් හෙට (01) සිටබලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
හෙට සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි සහිත තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂාකළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය .
දිවයින හරහා සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල තරමක තද සුළං තත්ත්වයක් අද (31) දිනය තුළ බලාපොරොත්තු විය හැකි බවත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තු පවසයි.
එමෙන්ම මහනුවර, මාතලේ, බදුල්ල, නුවරඑළිය, රත්නපුරය, කෑගල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සුළෙඟ් වේගය ද පැයට කිලෝමීටර 50 ත් 60 ත් දක්වා ඉහළ යා හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS