ඊයේ (30) මාඳුලාවේ සෝභිත නාහිමියන්ගේ 75 වැනි ඡන්ම දින සැමරුම් උත්සවයට සහභාගී වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ අදහස් දැක්වීමවලට කු...
ඊයේ (30) මාඳුලාවේ සෝභිත නාහිමියන්ගේ 75 වැනි ඡන්ම දින සැමරුම් උත්සවයට සහභාගී වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ අදහස් දැක්වීමවලට කුමන ආකාරයකින්වත් ප්‍රතිචාර පළ නොකරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකයින්ට අද (31) නියෝග කර තිබේ.
එක්සත් ජාතික පක්ෂ දේශපාලන නායකයින් කළ යුත්තේ ජනාධිපතිවරයාට ප්‍රතිචාර දැක්වීම නොව ජනතා ප්‍රතිචාර අනුව වැඩ කිරීම යැයිද අගමැතිවරයා දුන් නියෝගයේ දැක්වෙන බව වාර්තා වේ.
කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨ නායකයින් හමු වු අවස්ථාවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම නියෝගය කර තිබේ.
මාඳුලාවේ සෝභිත නාහිමි ගුණ සමරුවට සහභාගී වෙමින් ජනාධිපතිවරයා පළ කළ කරුණු සම්බන්ධයෙන් රටට කරුණු කිව යුතු බවට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී තරුණ දේශපාලනඥයින් ප්‍රබල ඉල්ලීමක් අගමැතිවරයාට යොමුකර තිබේ.
එහිදී අගමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපතිවරයාගේ කතාවට පිළිතුරු දීමට එජාපයේ කිසිවකු උත්සාහ නොකළ යුතු බවයි.
COMMENTS