හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ කටයුතු කිරීමට ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ 16 දෙනාගේ කණ්ඩායම තීරණය කර තිබේ...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ කටයුතු කිරීමට ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ 16 දෙනාගේ කණ්ඩායම තීරණය කර තිබේ.
එම කණ්ඩායමේ සාමාජිකයින් අද පෙරවරුවේ විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා මුණගැසී සාකච්ඡාවක නිරතවූ අතර ඉන් පසුව මාධ්‍ය හමුවේ කළ කරුණු පැහැදිළි කිරීමකදී මේ බව සඳහන් විය.
ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත්‍රීවරු16 දෙනාගෙන් 09දෙනෙකු අද විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන් මහතා මුණගැසුනා.
ඒ විපක්ෂ නායක කාර්යාලයේදීයි.
COMMENTS