උතුරු පළාත් බල ප්‍රදේශය තුළ මළගෙවල් වලදී රතිඤ්ඤා දැල්වීම තහනම් කිරීම සුදුසු බවට යෝජනාවක් දෙමළ ජාතික සන්ධානයේ පළාත් සභා මන්ත්‍රී වේලුපිල්ල...
උතුරු පළාත් බල ප්‍රදේශය තුළ මළගෙවල් වලදී රතිඤ්ඤා දැල්වීම තහනම් කිරීම සුදුසු බවට යෝජනාවක් දෙමළ ජාතික සන්ධානයේ පළාත් සභා මන්ත්‍රී වේලුපිල්ලේ සිවයෝගන් මහතා විසින් පළාත් සභාවට ඉදිරිපත් කොට තිබේ.
මන්ත්‍රීවරයා පෙන්වා දී ඇත්තේ දෙමළ සංස්කෘතියට අනුව මළ ගෙවල් වලදී අධික ලෙස රතිඤ්ඤා දැල්වීම නිසා සියළුම දෙනාගේ ජීවිත ශබ්ද දූෂණයකට ලක්වන බවයි.
මියගිය අයගේ පවුල්වල ඥාතීන් දැඩි දුකකින් සිටින අවස්ථාවක රතිඤ්ඤා අධික ලෙස දල්වන විට සෙසු පිරිස ඔවුන්ගේ දුක පිළිබදව කිසිදු සැලකිල්ලක් නොදක්වන බව පෙනී යාමට ඉඩ ඇති නිසා රතිඤ්ඤා දැල්වීම තහනම් කළ යුතු බවට සිවයෝගන් මන්ත්‍රීවරයා යෝජනා කොට තිබේ.
මියගිය පුද්ගලයාගේ අවසන් කටයුතු සිදුවන දිනයේදී රතිඤ්ඤා විශාල ප්‍රමාණයක් දල්වන බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා එම රතිඤ්ඤා දැල්වීමේ කටයුත්ත කුඩා ළමුන් අතට පත් කිරීම නිසා ඔවුන් රතිඤ්ඤා දල්වන්නේ කිසිදු ශෝකයකින් නොව මගුල් ගෙදරක ආකාරයට යැයි මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
දේහය රැගෙන යන අවස්ථාවේදී කිසිදු වග විභාගයකින් තොරව මහා මාර්ගයේ රතිඤ්ඤා දැල්වීම නිසා අනතුරු සිදුවීම පමණක් නොව විශාල පිරිසකට එය හිරිහැරයක් බවද පෙන්වා දී තිබේ.
මන්ත්‍රීවරයා විසින් ඉදිරිපත් කරණ ලද යෝජනාව ස්ථිර වී ඇතත් එම යෝජනාව ක්‍රියාත්මක කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් පළාත් සභාවේදීත් තවත් විශේෂ පුද්ගලයින් සමගත් සාකච්ඡා කළ යුතුව ඇතැයි උතුරු පළාත් සභාවේ සභාපති සී,වී.කේ ශිවඥාණම් මහතා දැණුම් දී තිබේ.
(දිනසේන රතුගමගේ)
COMMENTS