මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (02) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. ඔහු පැවසුවේ මෙම මැතිවරණය ආණ්ඩුව කැමැත්තෙන් ලබා දුන් එකක් නොව මැතිවර...
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (02) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ඔහු පැවසුවේ මෙම මැතිවරණය ආණ්ඩුව කැමැත්තෙන් ලබා දුන් එකක් නොව මැතිවරණය කල්දමා කල්දමා තවත් කල් දැමිය නොහැකි තැන ලබා දුන් මැතිවරණයක් බවයි. එහෙයින් රාජපක්ෂ පාලනය සේම වත්මන් පාලනය ද කරගෙන යන හොරකමට වංචාවට දූෂණයට නාස්තියට එරෙහි ජනමත විචාරණයක් බවට මෙම මැතිවරණය පත් කරගත යුතු බව ඔහු ප්‍රකාශ කළේය.
එසේම, නුවර එළිය සහ අඹගමුව නව ප්‍රාදේශීය සභා කිහිපයකට වෙන් කර ඇති අවස්ථාවේදී ශ්‍රීපාද ස්ථානය පෙර පැවති සබරගමු පළාතෙන් වෙන්ව නුවර එළි දිස්ත්‍රික්කයට, වෙනත් ප්‍රාදේශීය සභාවකට අයත්ව ඇති බවත් ශ්‍රීපාද ස්ථානය යනු සමස්ත බෞද්ධ ජනතාවගේම උරුමයක් නිසා එය එක් ප්‍රාදේශීය සභාවකට නොපවරා වෙනම පූජා භූමියක් ලෙස ගැසට් කරන ලෙසත් විජිත හේරත් මහතා ඉල්ලා සිටියේය.
- රංජිත් නිශාන්ත
COMMENTS