දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සීගිරියේ ඉඩම් අවුලක් - දේශපාලඥයින් යකා නටයි
Homeප්‍රවෘත්ති

සීගිරියේ ඉඩම් අවුලක් - දේශපාලඥයින් යකා නටයි

PropellerAds

සීගිරිය ඉලුක්වල ප්‍රදේශයේ වටිනා ඉඩම් උතුරු මැද හිටපු මහ ඇමැති පේෂල ජයරත්න මහතා සහ හිතවතුන් පිරිසක් පැමිණ අත්පත් කර ගැනීමට යන බව පවසා දඹුල්...

නලීන් බණ්ඩාර අගමැතිට එරෙහි වෙයි - වහාම අගමැතිට එරෙහි විමර්ශනයක් ඉල්ලයි
මධුෂ්ට අයත් වාහන දෙකක් කැලණියේ නිවසකින් හමු වෙයි
ප්‍රසිද්ධ බාලිකා පාසලක විදුහල්පතිනියක් අල්ලස් ගනිද්දී කොටු
සීගිරියේ ඉඩම් අවුලක් - දේශපාලඥයින් යකා නටයි

සීගිරිය ඉලුක්වල ප්‍රදේශයේ වටිනා ඉඩම් උතුරු මැද හිටපු මහ ඇමැති පේෂල ජයරත්න මහතා සහ හිතවතුන් පිරිසක් පැමිණ අත්පත් කර ගැනීමට යන බව පවසා දඹුල්ල ‍ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු අතර දින කිහිපයක සිට ගැටුමක් ඇති වී තිබේ.

උතුරු මැද හිටපු මහ ඇමැති පේෂල ජයරත්න මහතාගේ කණ්ඩායමක් පැමිණ සීගිරිය ප්‍රදේශයේ ඉඩමක බලහත්කාරයෙන් ඇතුළු වී ගොඩනැගිලි ඉදිකරන බවට ලද තොරතුරක් අනුව මධ්‍යම පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී තිස්ස බණ්ඩාර හේරත් මහතා 28 දින පස්වරුවේ එම ස්ථානයට ගියේය.

ඒ යන විටත් ධාරානිපාත වර්ෂා නොතකා කණ්ඩායමක් තාවකාලික ගොඩනැගිල්ලක් ඉදි කරමින් සිටින අයුරු දැක ගැනීමට හැකියාව ලැබිණි. එම අවස්ථාවේම දඹුල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයකු වූ හැලබආරච්ච් මහතා එම ස්ථානයට පැමිණ ඉදිකිරීම් කරමින් සිටි පිරිස සමඟ දැඩි උණුසුම් වචන හුවමාරුවක් ඇති කර ගත්තේය.

මෙම ස්ථානයට පැමිණි හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා දැඩිව විවේචනය කරන්නට වූයේ අවි ආයුධ පෙන්වමින් මැර කණ්ඩායම් ගෙන උතුරු මැද පළාත් සභාවේ හිටපු මහ ඇමැති පේෂල ජයරත්න මහතා මෙම ඉඩම් කොල්ලය සිදුකළ බවත් තමන් මේ පිළිබඳව පොලිස් හදිසි ඇමතුම් අංශයට පැමිණිලි පහළොවක් ඉදිරිපත් කොට තිබෙන බවත් අවි ආයුධ පෙන්වා තමන්ව මරා දැමීමට පහරදීමට උත්සාහ කළ බවත් එමෙන්ම ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගන්නා බවටත් උතුරුමැද මහ ඇමතිගේ හිටපු මහ ඇමැති පේෂල ජයරත්න මහතාට විරුද්ධව සීගිරිය පොලීසියේ පැමිණිලි හතරක් මේ වනවිට දමා ඇත. එහෙත් එකම පැමිණිල්ලක්වත් විභාගයක් සිදු කර නැති බව චෝදනා කරන්නට විය.

මේ ස්ථානයට පැමිණි පළාත් සභා මන්ත්‍රී තිස්ස බණ්ඩාර හේරත් මහතා සහ ඉදිකිරීම් කරමින් සිටි පුද්ගලයන් අතර උණුසුම් වචන හුවමාරුවක් ද ඇති විය. තිස්ස බණ්ඩාර හේරත් මහතා කියා සිටියේ මහ ඇමති නොව ජනාධිපති ආවත් තම බල ප්‍රදේශයේ ඉඩම් මංකොල්ල කෑමට කිසිවෙකුට තමන් ඉඩ ලබා නොදෙන බවය.

ඉඩම් පිළිබඳ ප්‍රශ්නයක් ඇත්නම් අධිකරණයට ගොස් විසඳා ගන්නා ලෙසත් එසේ නොමැතිව බලහත්කාරයෙන් පොලිසිය දේශපාලන බලය යොදාගෙන මෙවැනි ඉඩම් අත්පත් කර ගැනීමට තමන් කිසිදු ආකාරයකින් ඉඩක් ලබා නොදෙන බව සඳහන් කළේය.

කෙසේ වෙතත් ඉදිරියට පැමිණි ඉඩමේ අයිතිකරු බව කියන හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා කියා සිටියේ පේෂල ජයරත්න හිටපු මහ ඇමතිවරයා සහ ඔහුගේ මිතුරන් පිරිස අල්ලාගෙන ඇති ඉඩම උතුරු මැද පළාත් හිටපු මහ ඇමැති බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාගේ නමට තමන් විසින් ලියූ ඉඩමක් බවය. එමෙන්ම තමන් ඒ පිලිබදව කෘෂිකර්ම අමාත්‍ය බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාගේ පුත් දුමින්ද දිසානායක මහතා ව දැනුවත් කළ බවද ඔහු කියන්නට විය.

කෙසේ වෙතත් මේ පිළිබඳ සම්බන්ධයෙන් සීගිරිය පොලිසියේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ .සි . එල් .එච් .සොයිසා මහතාගෙන් විමසීමේදී කියා සිටියේ උතුරු මැද හිටපු මහ ඇමැති පේෂල ජයරත්න මහතාට විරුද්ධව පැමිණිලි කිහිපයක් ලැබී තිබෙන බවත් එම පැමිණිලි විභාග කිරීම සඳහා පේෂල ජයරත්න මහතාට සීගිරිය පොලිසියේ පෙනී සිටින ලෙස දැනුම් දුන්නද මෙතෙක් ඔහු නොපැමිණි බව ය.

කෙසේ වෙතත් මෙම පැමිණිලි විභාග කිරීමට නොහැකි වන නිසා මෙම සිද්ධිය පිළිබඳව අධිකරණයට කරුණු ඉදිරිපත් කරන බවද හෙතෙම සඳහන් කෙළේය. මේ පිළිබධව උතුරු මැද පළාත් හිටපු මහ ඇමැති පේෂල ජයරත්න මහතාගෙන් විමසීමේදී කිවේ ,තමන්ට පොලිසියේ පැමිණිලි ඇති බවට හෝ කැදවීමක් සිදු කර නොමැති බවත් තමන් ගේ නෑදෑයන් පිරිසකට උදව්වක් කිරීමට සීගිරියට ගිය අවස්ථාවේ පුද්ගලයකු පැමිණ තමන්ට බැන තර්ජනය කල බව ය.

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස )

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සීගිරියේ ඉඩම් අවුලක් - දේශපාලඥයින් යකා නටයි
සීගිරියේ ඉඩම් අවුලක් - දේශපාලඥයින් යකා නටයි
http://ift.tt/2AqlFM8
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_697.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_697.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy