දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඒකාබද්දේ රැස්වීමට ගිය ආණ්ඩුවේ ඇමති?
Homeප්‍රවෘත්ති

ඒකාබද්දේ රැස්වීමට ගිය ආණ්ඩුවේ ඇමති?

PropellerAds

ඒකාබද්ධ විපක්ෂය පෙරේදා (13) පස්වරුවේ පැවැති සාකච්ඡාවකට අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා ද සහභාගි වී ඇත.  පාර්ලිමේන්තුවේ කාමර අංක 7හි මෙම...

නව අගමැති මහින්ද අද දිවුරුම් දෙයි
විපක්‍ෂ නායක ධුරයට රනිල්ද? සජිත්ද?
ජනපති සියල්ල වෙනස් කරයි.. මුල්ම විදේශ සංචාරයට 10කට අඩු පිරිසක්.. ඥාතීන් මිතුරන් කිසිවෙකු නෑ.. අවශ්‍ය අය පමණයි

ඒකාබද්ධ විපක්ෂය පෙරේදා (13) පස්වරුවේ පැවැති සාකච්ඡාවකට අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා ද සහභාගි වී ඇත.

 පාර්ලිමේන්තුවේ කාමර අංක 7හි මෙම සාකච්ඡාව පවත්වා ඇති අතර සුසිල් ප්‍රේමජයන්ත් අමාත්‍යවරයා ඊට කැඳවාගෙන විත් ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා විසිනි.

 අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා සාකච්ඡාව පැවැති පාර්ලිමේන්තුවේ කාමර අංක 7ට ඇතුළු වනවාත් සමග ඒ වනවිටත් එහි සාකච්ඡාවට සහභාගි වී සිටි ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයන් අත්පොළසන් දී ඔහු පිළිගෙන තිබේ.

අමාත්‍ය සුසිල් ප්‍රෙමජයන්ත් මහතා මෙම සාකච්ඡාවේදී ප්‍රකාශ කර ඇත්තේ ඒකාබද්ධ විපක්ෂය සමග එක්ව පුළුල් සන්ධානයක් යටතේ එළඹෙන පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර සාකච්ඡා සිදුවන බවයි. 

ඒ සඳහා ඉදිරිපත් කිරීමට සාකච්ඡා කෙරෙන යෝජනා 3ක් ද ඔහු විසින් අනාවරණ කර ඇත.

ලේකම් ධුරය ඒකාබද්ධයට !

කෙසේවෙතත් සුසිල් ප්‍රේමජයන්ත් අමාත්‍යවරයා සාකච්ඡාවට සහභාගිවීමට පෙරාතුව ද මෙම කරුණු සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මතතා ද ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයන් සමගද සාකච්ඡා කර තිබේ.

 එවැනි පුළුල් සන්ධානයක් ඇතිවන්නේ නම් එහි සභාපතිත්වය සහ ලේකම් ධුරය ඒකාබද්ධ විපක්ෂයට ලබාදීමට ද ශ්‍රී  ලංකා නිදහස් පක්ෂය සූදානම් වන බව එහිදී ප්‍රකාශ වී ඇත.

මේ පිළිබඳ අදහස් දක්වමින් ඒකාබද්ධ විපක්ෂයේ සනත් නිශාන්ත මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත්තේ ඉදිරිපත් වී ඇති යෝජනාවලට තමන් එකඟ නොවන බවයි.

එවැනි සන්ධානයක් ඇති කරගතහොත් තමන් නියෝජනය පුත්තලම දිස්ත්‍රීක්කයේ පළාත් පාලන ආයතනවලට ස්වාධීන කණ්ඩායම් ඉදිරිපත් කරන බව ද ඒවායේ ප්‍රචාරක කටයුතු සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව යොදාගන්නා බව ද ඔහු ප්‍රකාශ කර ඇත.

 කෙසේවෙතත් ඇතිකරගන්නා පුළුල් සන්ධානය නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති සහ ලේකම් ධුර ඒකාබද්ධ විපක්ෂයට ලබාදෙන්නේ නම් එක්ව තරග කිරීමේ වරදක් නොමැති බව සනත් නිශාන්ත මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

චමල් විරෝධය පළකරයි :

පාර්ලිමේන්තු මන්ත්‍රීනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ද මෙහිදී අදහස් පළකරමින් ප්‍රකාශ කර ඇත්තේ ඒකාබද්ධ විපක්ෂයට සැළකිය යුතු වාසි සැලසෙන්නේ නම් පමණක් ශ්‍රී  ලංකා නිදහස් පක්ෂය සමග එක්ව තරග කළ යුතු බවයි.

කෙසේවෙතත් පවිත්‍රා වන්නිආරච්චි මන්ත්‍රීවරිය අදහස් පළකරමින් සිටියදී සාකච්ඡාව පැවැති පාර්ලිමේන්තුවේ කාමර අංක 7ට ඇතුළු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා එක්ව තරඟ කිරීමේ යෝජනාවට දැඩිව අකමැත්ත පළකර ඇත.

එක්ව තරග කිරීමට නම් තනතුරු පවා අතහැර තමන් ඒකාබද්ධ විපක්ෂයට සහය දක්වන්නේ මන්දැයි ඔහු එහිදී ප්‍රශ්න කළ බව දේශපාලන ආරංචි පවසයි.

විමල්ගේ පක්ෂයත් එකඟයි !

මෙම සාකච්ඡාවට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සහභාගි වී නොසිටි අතර, එම පක්ෂය නියෝජනය කරමින් වීරකුමාර දිසානායක සහ  පද්ම උදයශාන්ත යන මන්ත්‍රීවරුන් පමණක් සාකච්ඡාවට සහභාගිව තිබේ.

 එහිදී අදහස් දක්වා ඇති වීරකුමාර දිසානායක මහතා, ඒකාබද්ධ විපක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි පළාත් පාලන මැතිවරණයට එක්ව තරඟ කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කරමින් කරුණු දක්වා ඇති ද දේශපාලන ආරංචිමාර්ග පවසයි.

'' ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට රටේ කීර්තිනාමයක් තියන එක ඇත්ත. නමුත් දෙපිලට බෙදිලා ඉල්ලනකොට ඡන්දයට ඉදිරිපත්වෙන ශ්‍රීලංකා අපේක්ෂකයින් 8000ක් විතර එතුමාව පතුරු ගසමින් එතුමාගේ කිර්තිනාමය විනාශ කරන්න කටයුතු කරනවා. අපි ඒගැනත් හිතන්න ඕන '' යයි වීරකුමාර මන්ත්‍රීවරයා එහිදී සඳහන් කල බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඒකාබද්දේ රැස්වීමට ගිය ආණ්ඩුවේ ඇමති?
ඒකාබද්දේ රැස්වීමට ගිය ආණ්ඩුවේ ඇමති?
http://ift.tt/2zJs6XX
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_688.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_688.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy