දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නව අගමැති මහින්ද අද දිවුරුම් දෙයි
Homeප්‍රවෘත්ති

නව අගමැති මහින්ද අද දිවුරුම් දෙයි

PropellerAds

භා රකාර ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා අද (21දා) පස්වරු 1.00ට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිත...

සිමෙන්ති මිල අහසට.. කොට්ටය 1300 පනී.. ඒත් ගන්න නෑ.. ඉදිකිරිම් හාන්සියි!
ශෂීන්ද්‍රට එරෙහිව මහින්දානන්ද තීන්දුවක් ගනී!
චිචී ට කඩුල්ල වහල ගහන්න බැරිවෙයි... බිංදුවකට දැවී යයි
භාරකාර ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා අද (21දා) පස්වරු 1.00ට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය. පස්වරු 3.00ට අග්‍රාමාත්‍ය කාර්යාලයේදී නිල වශයෙන් වැඩ භාර ගැනීමට ද කටයුතු යොදා ඇතැයි විපක්‍ෂ නායක මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා පැවැසීය.


දේශපාලන ක්‍ෂේත්‍රය තුළ 50 වසරකට අධික කාලයක් පොදු මහජනතාවගේ සේවය වෙනුවෙන් සුවිශේෂී වැඩකොටසක් කළ මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු, අමාත්‍යාංශ කිහිපයක් හොබවමින් කැබිනට් අමාත්‍යවරයකු ලෙසද දෙවරක් විපක්ෂ නායකවරයකු ලෙසද, දෙවරක් අග්‍රාමාත්‍යවරයා ලෙස හා මේ රටේ පස්වැනි විධායක ජනාධිපතිවරයා ලෙසද, දෙවරක් ජනාධිපති ධුරයට පත්වීමෙන් රට වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටුකර තිබේ.

තම සොහොයුරකු වන ගෝඨාභය රාජපක්ෂ මහතා වත්මන් විධායක ජනාධිපති ධුරය හොබවද්දී ඒ මහතා හමුවේ මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීම විශේෂත්වයකි.

මීට අමතරව මෙම භාරකාර ආණ්ඩුව කැබිනට් අමාත්‍ය ධුර 15ක් හෝ 16කින් සමන්විත වීමට ඉඩ තිබෙන බව ඒකාබද්ධ විපක්ෂයේ ජේ‍යෂ්ඨ නියෝජිතයකු ‘මව්බිම’ට ප්‍රකාශ කළේය.



ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් 6 දෙනකුට මෙම සීමිත කැබිනට් මණ්ඩලයේ අමාත්‍ය ධුර හිමිවීමට නියමිත බවද එම ජේ‍යෂ්ඨ නියෝජිතයා සඳහන් කළේය.



ඒ අනුව මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමාන්, ඊ.පී.ඩී.පී. සංවිධානයේ නායක ඩග්ලස් දේවානන්ද යන ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ට කැබිනට් අමාත්‍ය ධුර 6ක් හිමිවීමට නියමිත බව ඒකාබද්ධ විපක්ෂයේ ජේ‍යෂ්ඨ ප්‍රකාශකයා සඳහන් කළේය.



ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයට කැබිනට් අමාත්‍ය ධුර 2ක් හිමිවීමට නියමිත බවත් ඉතිරි කැබිනට් අමාත්‍ය ධුර ලබාදීම සම්බන්ධයෙන් ඊයේ (20දා) රාත්‍රිය වනතුරුම සාකච්ඡා පැවැති බවත් ඒකාබද්ධ විපක්ෂයේ එම නියෝජිතයා ප්‍රකාශ කළේය.



සීමිත කැබිනට් මණ්ඩලයක් සහිතව මෙම භාරකාර ආණ්ඩුව ක්‍රියාත්මක වන්නේ ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වෙන තෙක් පමණි.



ඩබ්ලිව්. කේ. ප්‍රසාද් මංජු
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29285,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නව අගමැති මහින්ද අද දිවුරුම් දෙයි
නව අගමැති මහින්ද අද දිවුරුම් දෙයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjwUrFwRCrVv5ZUtg6AiXvKL8ngDc52cdNVeMVIJfKWU-5x1POdhqMX2sFfZmdn1d6AV-P05-Xrs4zoEE_BV9BfB7N8fqxLemFv1Tiqj7PflnaTmI14PSjMu8haY9vdEupU5jNJjjsRuEM/s320/5dd5e6834fdeb_5dd5e5d481d2e_mahinda-rajapaksha.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjwUrFwRCrVv5ZUtg6AiXvKL8ngDc52cdNVeMVIJfKWU-5x1POdhqMX2sFfZmdn1d6AV-P05-Xrs4zoEE_BV9BfB7N8fqxLemFv1Tiqj7PflnaTmI14PSjMu8haY9vdEupU5jNJjjsRuEM/s72-c/5dd5e6834fdeb_5dd5e5d481d2e_mahinda-rajapaksha.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/11/blog-post_821.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/11/blog-post_821.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy