දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
‍ඩාලිං ‘ටොෆි’ කාලා උසස් බාලිකාවන් වැටිලා.
Homeප්‍රවෘත්ති

‍ඩාලිං ‘ටොෆි’ කාලා උසස් බාලිකාවන් වැටිලා.

PropellerAds

දැන් අපේ රටේ තරුණ පරපුරට බොහෝ වින කටින්නේ ‘සුරා’ යකා ය. මීට අවුරුදු විස්සකට තිහකට පෙර වෙනත් යකුන් වන ‘මහසෝනා’ ‘ඊරියකා’ ලබා සිටි තැන දැන් ...

හිටපු ගුවන්සේවා ඇමති පියංකරගේ නඩුව අද!
පී.ඩෙනිශ්වරන්ගේ අමාත්‍ය ධූරය අහිමි වෙයි!
ඇමති පාලිත තෙවරප්පෙරුම වෙඩින් වීඩියෝවේ ඇත්ත කතාව මෙන්න.

දැන් අපේ රටේ තරුණ පරපුරට බොහෝ වින කටින්නේ ‘සුරා’ යකා ය. මීට අවුරුදු විස්සකට තිහකට පෙර වෙනත් යකුන් වන ‘මහසෝනා’ ‘ඊරියකා’ ලබා සිටි තැන දැන් ‘සුරා’ යකාට හිමිව තිබේ. එදා ගංජා සුරුට්ටුවක් හෝ රා වඩියක් බිව් වරදට හිරගෙදර ගියේ බොහෝ මැදිවියේ මිනිසුන් ය. එහෙත් දැන් කේරළ ගංජා, බාබුල් මාවෝ වෙනත් එවැනි මත්ද්‍රව්‍ය රංචු ගැසී බොන්නේ හෙට අනිද්දා මේ රට බාරගන්නට සිටින තරුණ පරපුර වීම අතිශය කනගාටුදායක කරුණකි.

තරුණ කෙල්ලන්ද, විශේෂයෙන් පාසල් සිසුන් ද සිසුවියන් ද මේ අපචාරවලට ගොදුරු වීම දැන් රට පුරා සිදුවේ. කොළඹ තදාසන්නයේ මතු නොව හද්දා පිටිසර ද සුරාවට හෝ මත්ද්‍රව්‍යවලට ලොල් පරපුරක් ඇති වෙමින් තිබේ. සමාජ ජාල, වෙබ් අඩවි, යූ. ටියුබ් මෙවැනි අධම ක්‍රියාකාරකම් සඳහා යොදා ගැනීම නිසා මේ තත්ත්වය වඩාත් වර්ධනය වෙයි.

පැය 3 - 4 කින් සමාජ ජාලා හරහා දැනුම්වත් කරන කෙටි පණිවුඩයකින් දැන් මේ රටේ රාත්‍රි වෙරළබඩ මත්පැන් සාජ්ජ ඇතිවෙයි. හෝටල්වලට තරුණ තරුණියෝ රොද බඳිති. පුවක්පිටිය, මීගමුව හා තවත් ප්‍රදේශ කිහිපයක‍ මෙවැනි හමුවීම් කීපයක් ඉකුත්දා මාධ්‍ය මඟින් අනාවරණය කැරිණ. උදෑසන එළැඹෙද්දීත් මහ මඟ වෙරි මතින් වැටී සිටින යෞවනයන් ගැනත්, වැල්ලේ නිදහසේ ලිංගික හමුවන් පවත්වන කෙල්ලන් සිටින ලෝකයේ තවත් රටක් නැති තරමට දැන් මේ සිරි ලංකාව පිරිහිලා ය.

මා ‘සුරා’ යකා යැයි ලීවේ එවැනි ආත්මයන් ගැන නොව සුරාව යක්ෂාවේශයෙන් රට ආක්‍රමණය කරන බව කීමටය. බේරුවල රා තැබෑරුමේ බලපත්‍රය මෙතෙක් නොවිකුණුන, ඉහළ මුදලකට මෙවර විකිණී තිබිණි. ඒ අලුත් මත්ද්‍රව්‍ය ආවාට තවමත් රා වලටද තැනක් ඇතැයි පෙන්වමිනි. කෙසේ නමුත් මේ විනාශ වන්නේ හෙට අපේ රට බාරගන්නා තරුණයන්ය. එසේ ම තරුණියන් ය. නැත්නම් වෙනත් විදියකට කියනවා නම් රටේ අනාගතයට දරුවන් බිහි කරන තාත්තලාය.

අනාගතයට දරුවන් බිහිකරන අම්මලා ය.මේ රටට ගෙන එන හා නීතියට හසුවන හෙරොයින් කුඩු, කේරළ ගංජා ප්‍රමාණය දකින විට අද ලංකාව ලෝකයේ මත්ද්‍රව්‍ය ගබඩාව දැයි මට සිතේ. මෙසේ හමුවන මත්ද්‍රව්‍ය නැව් ගණන් කන්ටේනර් ගණන් බඩුවලට ඊට පසුව සිදුවන්නේ කුමක්දැයි අපට පමණක් නොව රටේ පළමු පුරවැසියා ජනාධිපතිවරයාට ද ප්‍රශ්නයකි. එතුමා මේ ගැන විටින් විට ප්‍රශ්න කළේය. ඒ මත්ද්‍රව්‍ය තොග විනාශ කරන බව කීවද එය සක්සුදක් සේ පැහැදිලි නැත.

ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාලයේ සිසුවියන් දෙදෙනකු විදුහල අසල වෙළෙඳසලකින් මිලදී ගත් ටොෆි වර්ගයක් කෑමෙන් පසු අසනීප වී රෝහල් ගත වීම ආසන්නතම සිද්ධියයි. අපි මේ පිළිබඳව වැඩිමනත් තොරතුරු දැන ගැනීමට මේ පරීක්ෂණයේ දී කට උත්තරක් දුන් ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාලයයේ නියෝජ්‍ය විදුහල්පතිනිය අනුෂා මෙත්තානන්ද මහත්මියට කතා කළෙමු.

“සිද්ධිය වුණේ සැප්තැම්බර් 25 වැනිදා. උදේ 7.30 ට පාසල් එනකොට අපේ පාසලේ 8 වසරේ ඉගෙනුම ලබන සිසුවියන් දෙදෙනෙකු පාසල ළඟ කඩේකින් ටොෆි 4 ක් ගෙනැවිත් ඉන් 2 ක් දෙන්නා කාලා. මුල් පරිච්ඡේදය අවසන් වෙලා චිත්‍ර පන්තියට සෞන්දර්ය ක්‍රියාකාරකම් සඳහා ළමයින් පිටත යන්නට ඕනෑ. මේ අයගේ පංති තියෙන්නෙ මහපොළ ගොඩනැඟිල්ලේ 3 තට්ටුවේ. මේ ටොෆි කාපු ළමයිනට වමනය, කලන්තය හා මත් ගතියක් ඇතිවෙලා අසනීප වෙලා පංතියේ නැවතිලා. බඩේ අමාරුවකුත් ඇවිල්ලා. චිත්‍ර පන්තියේ ගුරුතුමිය තමන්ගෙ පාඩමට ආපු නැති දරුවන් ගැන විමසිල්ලෙන් ඉඳලා මේ ළමයි රැගෙන මගේ ළඟට ආවා. ඒ වෙලාවේ විදුහල්පතිනිය හිටියෙ නෑ. මා වහාම ඒ ඉතිරි ටොෆි ගෙනැවිත් බැලුවා. ඒ කවරයේ ‘ලව්’ හා ‘ඩාලිං’ යන වචන තිබුණා. මං ඒ එක ටොෆියක් පාසලේ ආරක්ෂාවට ඉන්නා මහත්මයකුට ‘ටෙස්ට්’ කරන්න කන්නැයි කීවා. එය කන විට සැර හඳුන්කූරු සුවඳක් වගේ එකක් ආවා. ඒ මහත්මයාටත් ටික වේලාවකින් නිදිමත, වමනය, කරකැවිල්ල ආවා. මා තේරුම් ගත්තා මේවා නම් දරුවන් මත් කරන පෙති වර්ගයක් කියලා. අපි පොලිසියට දැන්වුවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුටත් දැන්වුවා. ඒ අය කීවේ මේ ටොෆි බාබුල් කියන ජාතියට සමානයි කියලයි. මේ දරුවන් අහිංසකයි. මල් වගේ දරුවෝ. ඉගෙනුමටත් දක්ෂයි. ළමයි දෙන්නා පාණදුරේ හා බණ්ඩාරගම ඉඳලා පාසල් එන්නෙ. මේවා විකුණන කඩේ මිනිස්සු ළඟ කිසි ම මිනිස්කමක්වත් නෑ, දරුවෝ අනාථ කරන මේ ක්‍රියාකාරකම් නවත්වන්න ඕනෑ.”

මේ ගුරුවරිය කියන කතාව ඇත්තය. සාමාන්‍යයෙන් අප දන්නා විදියට පාසලක් පවතින ස්ථානයේ සිට කිලෝ මීටර භාගයක් දුරට කිසිම මත් ද්‍රව්‍යයක් (සිගරට්ටුවක්වත්) විකුණන වෙළෙඳසලක් තිබිය නොහැකිය. ඒත් මේ විදියට අපේ තරුණ පරපුර විනාශ කරන පිරිස් පොලිස් ඇප පිට නිදහස් වීම ද පුදුම සහගතය.

මීට ප්‍රථම මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ නඩු විභාග වූ අන්දම තරමක් හෝ ඔබට ලිවිය යුතුය. සිද්ධියට අදාළව පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් සිද්ධියට සම්බන්ධ බව කියන මුස්ලිම් ජාතික පුද්ගලයින් දෙදෙනකු අධිකරණයට කැඳවීය.

අධිකරණය - මේ දෙදෙනා අධිකරණයට කැඳවූයේ නොතීසියක් අනුවද?

පොලිසිය - නැහැ ස්වාමිනී, ඔවුන් පොලිස් ඇප මත මුදා හැර තිබුණා.

අගතියට පත් දරුවන්ගේ දෙමාපිය සංගමය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඊ.ඒ.පී. රාජකරුණා මහතා එහිදී මෙසේ කීය.

ස්වාමිනි, දරුවන් දෙදෙනෙක් ටොෆි කාලා කළුබෝවිල රෝහලට ඇතුළත් කැර සිටියා. ටොෆි කෑමෙන් පසුව ඔවුන්ට කලන්තය හැදිලා තිබුණා. දරුවන් ඉගෙනුම ලබන විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිනිය මේ ගැන පොලිසියට ප්‍රකාශයක් දීලා තියෙනවා. නමුත් පොලිසිය නිසි පරිදි ක්‍රියාත්මක වෙලා නෑ, පොලිසියේ සටහන් කැර තිබූ සටහන ටිපෙක්ස් කැර මකා දමලා සිද්ධිය ගැන පොලිසිය නිසි පරිදි කටයුතු කැර නෑ. නීතිඥ රාජකරුණා උසාවියේදි කීය. එම කරුණු ගැන අවධානය යොමු කළ අධිකරණය මේ සිද්ධිය ගැන ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට දන්වා යැවිය යුතු බවට නියෝග කළේය. පසුව මේ නඩුව නැවතත් ඔක්තෝබර් 31 දා කැඳවිණ. මේ පිළිබඳව වැඩිමනත් තොරතුරු සොයා ගැනීමට අප ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන අතුකෝරල මහතා සම්බන්ධ කැර ගතිමු.

“අපි ඒ ටොෆි වර්ගය රස පරීක්ෂක වෙත යැව්වා. අවශ්‍ය කටයුතු හරි විදියට සිදුකරලා තියෙනවා. ඒ නීතිඥ මහතා මෙවර (31 දා) උසාවි වාරයේදි එම ‘ටිපෙක්ස්’ ගා සටහන් මැකූ කතාව හා ප්‍රකාශය ඉල්ලා අස්කැරගෙන සමාව ඉල්ලා තිබෙනවා. මත්ද්‍රව්‍ය වරදවලට නීතිය බරපතළ ලෙස ක්‍රියාත්මක වෙනවා. වැරැදි කරලා කෙනෙකුට බේරෙන්න බෑ. මේ පිළිබඳ විමර්ශන කටයුතු සිදුවුණා. නීතිය ඉදිරියේ නඩුව විභාගවෙන නිසා වැඩිමනත් කරුණු කියන්න අපට බෑ...” ඒ මහතා කීය. නීතිය කාටත් සමානය. නීතිය ඉදිරියේදි යුක්තිය හා සාධාරණය ඉටු කළා කීවාට මදිය. ඒ යුක්තිය හා සාධාරණත්වය හරිහැටි ඉටුවූ බව මුළුමහත් සමාජයට පැහැදිලිව පෙනෙන්නට තිබිය යුතුය. මේ නීතියේ වටිනා උධෘතයක් බව ඔබට සිහි ගැන්විය යුතුය.

-උපාලි සමරසිංහ (සිළුමිණ)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ‍ඩාලිං ‘ටොෆි’ කාලා උසස් බාලිකාවන් වැටිලා.
‍ඩාලිං ‘ටොෆි’ කාලා උසස් බාලිකාවන් වැටිලා.
http://ift.tt/2lOnMmY
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_66.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_66.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy