ටෙලෝ පක්ෂ ලේකම් වරයා මේ බව කියා සිටියේ වවුනියාවේ පිහිටි ටෙලෝ පක්ෂ කාර්යාලයේ පැවැති එම පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම ඊයේ (20) රාත‍්‍රියේ...
ටෙලෝ පක්ෂ ලේකම් වරයා මේ බව කියා සිටියේ වවුනියාවේ පිහිටි ටෙලෝ පක්ෂ කාර්යාලයේ පැවැති එම පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම ඊයේ (20) රාත‍්‍රියේ පැවැත්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.
මේ අනුව පී.ඩෙනිශ්වරන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමත් සමග ඩෙනිශ්වරන් සතුව පැවති ටෙලෝ පක්ෂයේ අමාත්‍යධූරය ඔහුට අහිමිවන අතර, ඩෙනිශ්වරන්ගෙන් පුරප්පාඩු වන තනතුර වෙනුවෙන් ටෙලෝ පක්ෂයේ පළාත් සභා මන්ත‍්‍රී වින්දන් කනගරත්නම් පත් කිරීමට පියවර ගෙන ඇති බවට පක්ෂයේ ජ්‍යේෂ්ඨ සාමාජිකයින් කියා සිටියහ.
ටෙලෝ පක්ෂ ලේකම්වරයා වැඩිදුරටත් පැවසූවේ උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා සම්බන්ධයෙන් පක්ෂයේ තීරණයට පිටුපා ඩෙනිශ්වරන් මහතා උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන්ට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව වෙත සහයෝගය පළ කළ බවටයි.
මේ හේතුව නිසා ඉදිරියේදී ඩෙනිශ්වරන් වෙත විනය පරීක්ෂණයක් පවත්වා අවසන් තීරණය ගන්නා තෙක් තාවකාලිකව පළාත් අමාත්‍යවරයාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට තීරණය කළ බවද ටෙලෝ පක්ෂ ලේකම් වරයා වැඩි දුරටත් පැවසුවේය.
ටෙලෝ පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීම සඳහා එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන්, පක්ෂයේ උතුරු පළාත් සභා මන්ත‍්‍රී වරුන් වන එම්.කේ.ශිවාජිලිංගම්, වින්දන් කනගරත්නම්, එස්.ගුණසීලන් ඇතුලු පක්ෂ මධ්‍යම කාරක සභා සාමජිකයින් සහභාගි වී සිටියහ.
වන්නි රොමේෂ් මධුෂංඛ
COMMENTS