අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මංගල උත්සවයකදී ගැටුමක් ඇතිකරගත් බවට පවසමින් වීඩියෝවක් අන්තර්ජාලය පුරාම හුවමාරු වෙමින් පවතිනවා. මෙම වීඩියෝවේ ඇ...
අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මංගල උත්සවයකදී ගැටුමක් ඇතිකරගත් බවට පවසමින් වීඩියෝවක් අන්තර්ජාලය පුරාම හුවමාරු වෙමින් පවතිනවා.
මෙම වීඩියෝවේ ඇත්ත නැත්ත දැනගැනීම සඳහා අපි පාලිත තෙවරප්පෙරුම අමාත්‍යවරයාව සම්බන්ධ කරගත්තා.
“බොරු කතාවක් පැතිරෙන්නේ.. මම ගැටුමක් ඇතිකරගත්තා කියලයි හැමතැනම යන්නේ. ඒත් වුණේ ඒක නෙවෙයි. මංගල උත්සවයට ඇවිත් හිටපු දෙපිරිසක් අතර ගැටුමක් ඇතිවුණා. රටේ ප්‍රසිද්ධ චරිතයකගේ අනියම් කාන්තාවක් යැයි පවසන අයෙක් මෙතනට ඇවිත් හිටියා. ඊට පස්සේ ඇයගේ ඡායාරූපයක් ගන්න පිරිසක් එතනට ගිහින්. ඊට පස්සේ දේශපාලන කතාබහක් ඇතිවෙලා තමයි මේ ගැටුම හටගත්තේ.
මම ගියේ ඒ ගැටුම බේරන්න. මම මැදිහත් වෙලයි මේක සමතයකට පත්කළේ. ඒත් අන්තිමට දැන් හැමතැනම වීඩියෝව යන්නේ මම ආරවුලක් ඇති කළා කියලයි. දන්නේ නැතිව මගෙන් අහන්නෙවත් නැතිව සමහරු නිව්ස් ගහනවා.”
(වෙබ් ගොසිප්)
COMMENTS