දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලෝකයේ මුලින්ම වයින් බිව්වේ ගල් යුගයේ ජෝර්ජියාවයි!
Homeප්‍රවෘත්ති

ලෝකයේ මුලින්ම වයින් බිව්වේ ගල් යුගයේ ජෝර්ජියාවයි!

PropellerAds

නමුත් මෙයින් ඉදිරියට ඒ සිතිවිල්ල වෙනස් කරගන්නට වෙන්නේ ලෝකයේ මුලින්ම වයින් බිව් ජාතිය ජෝර්ජියානුවන් බව හෙළි වී තිබෙන නිසාය. ඒ” අවුරුදු 80...

රියදුරු බලපත්‍රයට අලුත් දෙයක් එක් වෙයි
අගමැතිගෙන් විවෘත ආරාධනයක්
'ඕමන්ත කඳවුර ඉවත් කර නෑ' - යුධ හමුදාවෙන් ප්‍රකාශයක්
ලෝකයේ මුලින්ම වයින් බිව්වේ ගල් යුගයේ ජෝර්ජියාවයි!

නමුත් මෙයින් ඉදිරියට ඒ සිතිවිල්ල වෙනස් කරගන්නට වෙන්නේ ලෝකයේ මුලින්ම වයින් බිව් ජාතිය ජෝර්ජියානුවන් බව හෙළි වී තිබෙන නිසාය.

ඒ” අවුරුදු 8000 ක් පැරණි වයින් බඳුන් 8 ක කොටස් ජෝර්ජියාවෙන් හමුවීමත් සමග ය. ඒ බඳුනේ වයින් අංශු ද ඉතිරි වී තිබිණි. අවුරුදු අටදහසකට එපිට යුගය එනම් ක්‍රි.පූ. 5400-5000 අතර යුගය” භූ විද්‍යා පරිමාණය අනුව අයත් වන්නේ පාෂාණ යුගයට ය. එනම් ගල් යුගයට ය. තවත් නිවැරදිව කියන්නේ නම් ගල් යුගයේ අවසන් භාගය ලෙස හඳුන්වන නියොලිතික යුගයට ය.

මේවා හමු වී තිබෙන්නේ ජෝර්ජියාවේ ටිබිලිසි අගනුරිනි. මේවා අතරිනුත් පැරණිම වයින් බඳුන වසර 5980 ක් පැරණි බව හෙළි වෙයි.

වයින් බඳුනේ බාහිර පෙනුම ද සුවිශේෂී ය. කාලය විසින් බොඳ කර-පළුදු කර තිබුණ ද එහි දැක්වෙන්නේ මිදි පොකුරු කිහිපයක් සමග නටමින් ප්‍රීතිවන මිනිසෙකුගේ රුවකි.

මේ අනුව ලෝකයේ වයින් බිව් පැරණිම ජාතිය” කොකේසස් කඳුවැටියේත් කළු මුහුදේත් පහස ලබන ජෝර්ජියාව ය. ආසියාවේත් යුරේපයේත් මිශ්‍රණයක් ලෙස සැලකෙන පැරණි සෝවියට් සමූහාණ්ඩුවට අයත් ජෝර්ජියාව ය.

මේ” ගඩොලින් බැඳි” විශ්කම්භයෙන් මීටර 5කට වඩා නොවැඩි නිවාසවල” ගිනි උඳුන් අබියස රැස් කමින්” කොකේසස් කඳුකරයෙන් හමා එන හිම බැඳුණු ශීතල සමග අරගල කළ යුගයයි. සාමාන්‍යයෙන් මෙම ගම්මාන” අද දිනයේ අන්තර්ජාතික පාපන්දු පිටියක් තරම් විශාලත්වයකින් යුතු වූ බව හෙළි වී තිබේ. තවද එක ගමක ජීවත් වී ඇත්තේ මිනිසුන් 100 දෙනෙකුට නොඅඩු සංඛ්‍යාවකි.

මේ ජනයා පාන් හැදීම සඳහා තිරිඟු වැවූහ. පළතුරු ගස් ද වැවූ බවට සාධක තිබේ. මස් සහ කිරි ලබාගැනීමට ඔවුහු බැටළුවන්” එළුවන් සහ ගවයන් ඇති කළහ. අසල ගංගා දොළවල මාළු බෑම ද කළහ. ඒ සියල්ල මධ්‍යයේ ඔවුන් දිනපතාම පාහේ වයින් රසයෙන් මත් වන්නට අමතක කළේ නැත. වයින් අද මෙන්ම එදා ද ‘සමාජ ස්නේහකයක්’ (සෝෂන් ලුබ්රිකන්ට්) වූ බවට පවතින මතය ද මෙයින් තහවුරු වෙයි.

නමුත් මිදියුෂ පැසවීම සඳහා ඔවුන් යීස්ට් භාවිතා කළ බවට සාක්ෂි නැත. මෙම පුරාවිද්‍යා සොයාගැනීම කළ පෙන්සිල්වේනියානු සරසවියේ සහ ජෝර්ජියා ජාතික කෞතුකාගාරයේ පර්යේෂකයන් කියන්නේ මෙම කලාපයේ වැවෙන ඇතැම් මිදි වර්ගවල පොත්තේ යීස්ට්වලට සමාන පැසුම්කාරක ස්වභාවිකවම අන්තර්ගතව තිබෙන නිසා ජෝර්ජියානුවන් එවැනි මිදි ප්‍රභේද මේ සඳහා යොදාගන්නට ඇති බවයි.

චීනය ද අතීතයේ පටන්ම මත්වන්නට රුසි වූ ජාතියකි. ඔවුන්ගේ තිබෙන විශේෂත්වය නම් මිදිවලින් තොර වයින් සඳහා ඔවුන් ඉසිළූ කීර්තියයි. මේ ගණයේ වයින් නිපදවූ ලෝකයේ මුල්ම රට වශයෙන් තිබෙන ලෝක වාර්තාව මේ අනුව තවමත් චීනය සතු වේ. එනම්, ක්‍රිස්තු පූර්ව 7000 ක් පැරණි ලෝකයේ මිදි යුෂ නොවන පැරණිම වයින් සෑදුවේ චීන ජාතිකයන් ය. එනම් පුරාණ චීනුන් මෙම වයින් තැනුවේ පැසෙන්නට හරින ලද බත්, මී පැණි සහ පළතුරුවලිනි.

-අමාලි ජයවීර

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලෝකයේ මුලින්ම වයින් බිව්වේ ගල් යුගයේ ජෝර්ජියාවයි!
ලෝකයේ මුලින්ම වයින් බිව්වේ ගල් යුගයේ ජෝර්ජියාවයි!
http://ift.tt/2AI1Gpu
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_620.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_620.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy