මෙවර අය වැයෙන් පහළ දැමූ බීර මිල යළි ඉහළ නංවා ගැනීමට වයඹ ප්‍රදේශයේ කසිප්පු මාෆියාව මෙහෙයවන පිරිසක් මංගල සමරවීර ඇමැතිවරයාට මිලියන පනහක සන්ත...
මෙවර අය වැයෙන් පහළ දැමූ බීර මිල යළි ඉහළ නංවා ගැනීමට වයඹ ප්‍රදේශයේ කසිප්පු මාෆියාව මෙහෙයවන පිරිසක් මංගල සමරවීර ඇමැතිවරයාට මිලියන පනහක සන්තෝෂමක් ලබාදීමේ ප්‍රබල උත්සාහයක යෙදී ඇතැයි වාර්තා වේ.
මුදල් ඇමැති මංගල සමරවීරගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ පිරිසක් හරහා මේ මුදල ලබාදීමේ මෙහෙයුමක් මෙසේ ක්‍රියාත්මක කර ඇති බව පැවැසේ.
මධ්‍යසාර පරිමාව (ඇල්කොහොල් ප්‍රතිශතය) පදනම් කර ගනිමින් මෙවර අයවැයේදී බදු හඳුන්වා දීම තුල බීර මිල අඩුවීම නිසා කසිප්පු පානයට පුරුදුවී සිටි විශාල පිරිසක් බීර පානය කිරීමට පටන් ගැනීමෙන්, කසිප්පු අලෙවිය සිග්‍රයෙන් අඩුවීමට ඉඩ ඇති බැවින් කසිප්පු මාෆියාවට බරපතළ පාඩුවක් විඳීමට සිදුවනු ඇතැයි පැවැසේ.
බීර මිල අඩු කිරීමෙන් මුදල් ඇමැතිවරයාගේ අපේක්ෂිත ඉලක්කය ඉටු නොවන බව ආණ්ඩුවේ ඇමැතිවරයකු අය වැය විවාදයේදී අදහස් දක්වා තිබුණද, බීර මිල අඩු කිරීමෙන් මුදල් ඇමැතිවරයාගේ අපේක්ෂාව ඉටුවන බව කසිප්පු මාෆියාවට තේරුම් ගොස් ඇති නිසා, බීර මිල වැඩි කිරීමට මුදල් ඇමැතිවරයා පොලඹවා ගැනීමට මෙසේ සන්තෝෂම් ලබාදීමේ උත්සාහයක් ගෙන ඇත.
(මව්බිම)
COMMENTS