ලංකා බැංකු සේවක සංගමයේ නියෝජිත පිරිසක් බව සඳහන් කළ කණ්ඩායමක්, ඊයේ (20) පස්වරුවේ හදිසියේම මහජන බැංකුවේ අම්පාර ශාඛාවට කඩා පැණ එහි කළමණාකරුව...
ලංකා බැංකු සේවක සංගමයේ නියෝජිත පිරිසක් බව සඳහන් කළ කණ්ඩායමක්, ඊයේ (20) පස්වරුවේ හදිසියේම මහජන බැංකුවේ අම්පාර ශාඛාවට කඩා පැණ එහි කළමණාකරුවාට සහ සේවක මණ්ඩලයට තර්ජනය කර තිබේ.
කිසිදු විධිමත් අවසරයකින් තොරව බැංකු ශාඛාවට පැමිණි ශාන්ත ගඟබඩගේ සහ ජයන්ත ගුණතිලක නමැති පුද්ගලයින් පෙරටුකරගත් දස දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්, වෘත්තීය සමිති රැස්වීමක් පැවැත්වීමට අවශ්‍ය බවත් ඒ සඳහා වහාම සේවකයින් සහභාගී කරවන ලෙසත් එහි කළමණාකාරවරයාට දන්වා ඇත.
ශාන්ත ගඟබඩගේ |
නමුත්, නිසි අවසරයකින් තොරව රාජකාරී වේලාව තුළ රැස්වීම් පැවැත්වීම හෝ වෙනත් යම් රාජකාරි නොවන කටයුත්තක් සඳහා තමන් යටතේ සිටින සේවකයින් සහභාගී කරවීම නොහැකි බවත් ඒ සදහා විදිමත් අවසරයක් ලබා ගෙන පැමිණ එවැනි කටයුත්තක් පවත්වන්නේ නම් තමන්ට ගැටලූවක් නොමැති බවත් කළමණාකරවරයා විසින් එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කරමින් දන්වා තිබේ.
මේ අවස්ථාවේ එම පිළිතුරෙන් උරණ වූ බාහිරින් පැමිණි පිරිස ශාඛා කළමණාකරවරයා තම අවශ්‍යතා ඉටු නොකරන්නේ නම් මරා දමන බවට තර්ජනය කර ඇති අතර ඔහුගේ නිළ කාමරයේ දී කළහකාරි ලෙස හැසිරි ඇත.
මෙහිදී ඇතිවූ තත්ත්වය පාලනය කර ගැනීමට නොහැකි වූ පසුබිමක සේවකයින් විසින් ශාඛාවේ ආරක්ෂිත සීනු නාද කර ඇති අතර ඒ අවස්ථාවේ පොලීසිය පැමිණ තත්ත්වය පාලනය කර තිබේ.
ඒ අනුව, මේ සම්බන්ධයෙන් ශාඛා කළමණාකරු ප‍්‍රදීප් බණ්ඩාර මහතා විසින් පුද්ගලයින් දස දෙනෙකු ශාඛාවට බලහත්කාරයෙන් ඇතුළු වී, රාජකාරියට බාධා කරමින්, අසැභි වචනයෙන් බැණ වැද, මරණ තර්ජනය සිදු කිරීම සහ බැංකුවේ කටයුතු වලට බාධා කරමින් බැංකුවේ භාරයේ තිබූ මුදල් හා ස්වර්ණාභරණ වල ආරක්ෂාවට තර්ජනයක් වන පරිදි කළහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් අම්පාර පොලීසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇත.
COMMENTS