දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නිවසේදී මියගිය තරුණයා ගැන විමල්ගේ බිරිය අධිකරණයට ඇවිත් සාක්ෂි දෙයි
Homeගොසිප්

නිවසේදී මියගිය තරුණයා ගැන විමල්ගේ බිරිය අධිකරණයට ඇවිත් සාක්ෂි දෙයි

PropellerAds

නිවසේදී මියගිය තරුණයා ගැන විමල්ගේ බිරිය අධිකරණයට ඇවිත් සාක්ෂි දෙයි පසුගිය ඔක්තෝබර් මාසයේ ව්‍යාඝ්‍රා නමැති උත්තේජක ඖෂධ අධිමාත්‍රාවකින් ...

රොෂාන් මහානාමගේ පියා අභාවප්‍රාප්තවේ
අවිස්සාවේල්ල රෝහලේ 13 හැවිරිදි ගැබිණි දැරියකට දරු ප්‍රසූතියක්
උමා ඔය හර්තාල්කරුවෝ නිසා කොළඹ බදුල්ල, බණ්ඩාරවෙල වැලිමඩ මාර්ග නවතී

නිවසේදී මියගිය තරුණයා ගැන
විමල්ගේ බිරිය අධිකරණයට ඇවිත්
සාක්ෂි දෙයි


පසුගිය ඔක්තෝබර් මාසයේ ව්‍යාඝ්‍රා නමැති උත්තේජක ඖෂධ අධිමාත්‍රාවකින් ලබාගැනීම හේතුකොට හෘද රෝගයක් වැළඳී අභිරහස් ලෙස මියගිය 24 හැවිරිදි ළහිරු ජනිත් නමැති තරුණයාගේ මරණය සම්බන්ධ සාක්ෂි විභාගය පසුගිය 11 වනදා (විමල් වීරවංශ අත්අඩංගුවට ගත්දාට පසුදා) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවූ අතර මූලික සාක්‌ෂි ඉදිරිපත් කරමින් විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ බිරිය ශෂී වීරවංශ මහත්මිය කඩුවෙල
මහෙස්‌ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ප්‍රසන්න අල්විස්‌ මහතා ඉදිරියේ සිද්ධිය ගැන මෙසේ කියා තිබුණි.
"මියගිය ළහිරු මගේ පුතාගේ හොඳම මිතුරා. කලක පටන් ඔවුන්ගේ සමීප ඇසුරක්‌ තිබෙනවා. බොහෝ දිනවලදී අපේ නිවසේ පුතා සමඟ රාත්‍රියට නවාතැන් ගන්නවා. ඒ වගේම සිද්ධිය වූ දින රාත්‍රියේත් ආවා. ඇවිත් පසුව ගෙදර ගිහින් කෑම කාලා ආපසු ඇවිත් ආන්ටි මං යන්න ද කියලා ඇහුවා.
 ඒ පුතාගේ ඇස්‌ ඉදිමිලා තිබුණා. පුතේ මේ මොකද? කියා මම ඇසුවා. නිදිමරල නිසා වෙන්න ඇති කියා ඔහු කීවා. ඊට පසු ඒ සියලු දෙනාම මට වැඳල උඩ තට්‌ටුවට ගියා. එයාලා 'මූවි' එකක්‌ බල බලා හිටියා.

පසුව නිදාගෙන. මම උදේ තමයි දන්නෙ. උදේ 9.00 ට පමණ මගේ පුතා දුවගෙන ඇවිත් අම්මා ළහිරු අයියා නැඟිටින්නෙ නෑ කියා කීවා. මම කිව්වා පිස්‌සුද එහෙම වෙන්නෙ කොහොමද කියා අම්මා ඇවිත් බලන්නකො විහිළු නෙමේ කියා පුතා කීවා.

මම ළහිරුගේ අම්මා වන රූපිකාට දුරකථනයෙන් කතාකර පුතා නැඟිටින්නේ නෑ කියනවා කියා ඉක්‌මණින් එන්න කීවා. පස්‌සෙ මං රූපිකා ආවම රූපිකා එක්‌ක උඩට දුවනකොට අනේ මෙයාගේ තාත්තත් ඔහොමමයි නැතිවුණේ කියා අඬන්න ගත්තා.

මගේ ළමයාට මොනව හරි වෙලා කීවා. ළහිරු මුනින් අතට මෙට්‌ටය උඩ සිටියා. අපි අනික්‌ පැත්ත හැරවුමාව මුහුණ අමුතු පාටක්‌ වී තිබුණා. නිවසේ රියෑදුරු සිටියේත් නෑ. මම වාහනයට දමාගෙන ජයවර්ධනපුර රෝහලට ගෙනගියා. එහිදී ළහිරු මියගොස්‌ බව වෛද්‍යවරු පැවසුවා".

 ජාතික නිදහස්‌ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට අයත් හෝකන්දර, දකුණු හෝකන්දර මංගල මාවතේ අංක 74 නිවසේ 2016.10.26 දින අභිරහස්‌ අන්දමින් මරණයට පත්වූ තරුණයා එම නිවසට යාබද අංක 71 නිවසේ පදිංචිව සිටි අයෙකි.
ඔහුගේ මරණයට අදාළ වෛද්‍ය වාර්තා එදින අධිකරණයට ඉදිරිපත් නොවූ අතර මාස 3 කට ආසන්න කාලයක් ගතවී මරණයේ රස පරීක්‌ෂක වාර්තාව මෙතෙක්‌ ලැබී නොමැති බවත් පොලිසිය අධිකරණයට දන්වා ඇත. නැවත ලබන මස 22 වැනිදා කැඳවීමට නියම කරමින් මහේස්ත්‍රාත්වරයා නඩුව කල් තැබුවේය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නිවසේදී මියගිය තරුණයා ගැන විමල්ගේ බිරිය අධිකරණයට ඇවිත් සාක්ෂි දෙයි
නිවසේදී මියගිය තරුණයා ගැන විමල්ගේ බිරිය අධිකරණයට ඇවිත් සාක්ෂි දෙයි
http://ift.tt/2iiTsP4
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_858.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_858.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy