අයියනායර් හින්දු කෝවිල ඉදිරිපිටදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් කාන්තාවකගේ රන් මාලයක් කඩා ඇති අතර එම අවස්ථාවේදී ඒ අසල සිටි අයෙක්...
අයියනායර් හින්දු කෝවිල ඉදිරිපිටදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් කාන්තාවකගේ රන් මාලයක් කඩා ඇති අතර එම අවස්ථාවේදී ඒ අසල සිටි අයෙක් විසින් යතුරුපැදි කරු අල්ලා බිම දමා ඇති අතර පසුව එම ස්ථානයට පැමිණි පිරිස් විසින් මාල සොරුන් දෙදෙනාට පහර දී අසල පිහිටි විදුලි කණුවක බැඳ සැකකරුවන් හා යතුරුපැදිය ද වව්නියාව පොලීසියට භාර දී තිබේ.
වව්නියාව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් මාල සොරුන් දෙදෙනා කලක සිටම වව්නියාවේ කාන්තාවන්ගෙන් මාල කඩා ඇති බවටත් ඉතා සූක්ෂමව මේ පිරිස් විසින් මාර්ගවල ගමන් කරන කාන්තාවන්ගෙන් රන් මාල කඩාගෙන පළා යන කල්ලියක් බවටත් ප්‍රදේශවාසීන් විසින් වව්නියාව පොලීසියට පවසා ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා 06 වනදා අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති අතර අදාල රන් මාල කල්ලියේ තවත් පිරිස් පිළිබඳවද වව්නියාව පොලීසිය විසින් පරික්ෂණයක් ආරම්භ කොට ඇත.
- වන්නි රොමේෂ් මධුෂංඛ
COMMENTS