මහ බැංකු බැඳුම්කර කොමිසම හමුවේ අසත්‍ය සාක්ෂි ලබාදීම සම්බන්ධයෙන් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව ඉදිරියේදී චෝදනා ගොනු කිරීමට අපේක්ෂා කරන ...
බැඳුම්කර කොමිසම හමුවේ අසත්‍ය සාක්ෂි ලබාදුන්නේ යැයි රවී කරුණානායක මහතා සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් සිදුකරන පරීක්ෂණයට අදාළ පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ නීතිඥ ලක්මිණී ගිරිහාගම මෙනවිය අධිකරණයට දන්වා සිටියේ රවී කරුණානායක මහතා, ඔහුගේ දියණිය වන ඔනෙලා කරුණානායක සහ තවත් කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කිරීමෙන් අනතුරුව රවී කරුණානායක මහතාට එරෙහිව එලෙස චෝදනා ගොනු කරන බවය.
පැමිණිල්ල ජුලි මස (29) වැනිදා කැඳවීමට නියම කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය එදින එම කටයුතුවල ප්‍රගතිය වාර්තා කරන මෙන් රහස් පොලිසියට දැනුම් දුන්නේය.
COMMENTS